Logo

මැතිවරණ ප්‍රථිපලයේ කුජිතම පරාජ 10



1.ශ්‍රීලනිප නායක, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තමන් නියෝජනය කරන පොළොන්නරුව දිස්ත්‍රික්කය පාරජයට පත්වීම සහ පොහොට්ටුව පොළොන්නරුව දිස්ත්‍රික්කය දිනා ගැනීම.

2.එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස තමන් නායකත්වය දුන් හම්බන්තොට දිස්ත්‍රික්කයත් සමග තමන්ගේ ආසනය වූ තිස්සමහාරාම ආසනයත් පරාජයට පත්වීම. පොහොට්ටුව හම්බන්තොට දිස්ත්‍රික්කය දිනා ගැනීම.

3.ශ්‍රීලනිප අනුශාසක, හිටපු ජනාධිපතිනි, අත්තනගල්ල ආසන සංවිධායිකා චන්ද්‍රික කුමාරතුංගව අත්තනගල්ල ආසනයේ ශ්‍රීලනිපය තුන්වන තැනට ඇද දමමින් පරාජයට පත්වීම.

4.ශ්‍රීලනිප මහා ලේකම් දුමින්ද දිසානායකට තමන් නායකත්වය දුන් අනුරාධපුර කළාවැව ආසනයවත් ජයග්‍රහණය කිරීමටවත් නොහැකි වීම.පොහොට්ටුව අනුරාධපුර දිස්ත්‍රික්කය දිනා ගැනීම.

5.එජනිස මහාලේකම් මහින්ද අමරවිරට තමන් නායකත්වය දුන් තංගල්ල ආසනයවත් ජයග්‍රහණය කිරීමට නොහැකි වීම. එජනිස තංගල්ලේ තුන්වෙනි තැනට ඇද වැටීම.පොහොට්ටුව හම්බන්තොට දිස්ත්‍රික්කය දිනා ගැනීම.

6.බස්නාහිර පළාත් මහා ඇමති මහරගමදී සියලු කොට්ඨාස සමගින් ස්වාධීන කණ්ඩායමකට පරාජය වීම. පොහොට්ටුවේ ස්වාධීන කණ්ඩායම මහරගම සියලු කොට්ඨාස සමගින් ජයග්‍රහණය කිරීම.

7.බේරුවල කිසි දිනක දිනන්නට ඉඩ දෙන්නේ නැහැ කියූ රාජිත සේනාරත්නව බේරුවලදී පොහොට්ටුවේ ස්වාධීන කණ්ඩායමක් විසින් වසර ගණනාවකට පසු පරාජයට පත් කිරීම.

8.බණ්ඩාරගම ආසනය කිසි දිනක දිනන්නට ඉඩ දෙන්නේ නැහැ කියූ අජිත් පී පෙරේරා බණ්ඩාරගමදී කුජිතම කොට තිබීම.

9.උමා ඔය ව්‍යාපෘතියට විරුද්ධව ජනතාව උසි ගන්වමින් බණ්ඩාරවෙල බලය ලබා ගැනීමට උත්සහා කළ ජනතා විමුක්ති පෙරමුණේ ''උමා ඔය සුරැකීමේ ස්වාධීන කණ්ඩායම'' පරදවා පොහොට්ටුවේ ස්වාධීන කණ්ඩායම බණ්ඩාරවෙල බලය ලබා ගැනීම.

10.කඩුවෙල ආසනයේ ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත, සම සංවිධායක හිටපු නගරාධිපති ජි එච බුද්ධදාස, කඩුවෙල එජාප සංවිධායක සුජීව සේනසිංහ කුජිත කරමින් කොට්ඨාස 28න් 26කම ජය පොහොට්ටුව ලබා ගැනීම, හිටපු නගරාධිපති බුද්ධාස තමන් නියෝජනය කළ බත්තරමුල්ල කොට්ඨාසය පොහොට්ටුවේ විමල්ගේ අපේක්ෂකයාට පරාජයට පත්ව සදාකල් විශ්‍රම සුව විදීමට ඉඩ සලසා දීම.

ආතල් නම් තව බෝමයි... 😀 මේ ටික තමා වැඩිපුරම ආස ටික 😛 😛

By Dasun Wanaguru

Loading...
දැන්වීම්
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 17778

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 51946
සෙංකඩගල නිළමෙලා සිංහල ජාතිය පාවා දීම
- නලින් ද සිල්වා
2018-04-06 03:34:57 - 115966
රටට අවශ්‍ය දේශපාලනීකරණය නොවු යහපාලනයකි
- අචාර්ය නාලක ගොඩහේවා
2018-04-01 22:18:37 - 132713
ලොව ඉහලම කාබන් ප්‍රතිශතයක් ඇති ලොව හොඳම මිනිරන් හමුවන බෝගල මිනිරන් පතල
- ඉන්දික කුමාර
2018-01-17 20:45:06 - 491539
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ඉන්දික කුමාර
2014-06-18 17:22:53 - 14152285
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 13988083
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 11563183
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 11451782
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 11249685
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'