Logo

ඉතින් අපි ගම් වදිමු !-මහින්ද



රෙද්දේ රෙවුනත් බෙට්ට කෙලින් යැයි කියන ‘සිත නිවන කතා’ අංක එක පැමිණ තිබේ. ඔවුන්ට අනුව, පොහොට්ටුවට සියයට 50 ඉක්මවා යෑමට නොහැකි වූ හෙයින් 2020 ජනාධිපතිවරණය ජය ගැනීමට එය ප්‍රමාණවත් නොවන බව කියනු ඇසේ. අදෝමැයි ! මේ පළාත් පාලන මැතිවරණයකි. අප ජනපතිවරණ සටනක සිටියේ නැත. එජාපය සිටියේ එවැන්නක ද? අහෝ ඛේදයකි ! දේශපාලන උපක්‍රම අතින් එජාපය සැමදා පසුබසින්නේ හා පරාජය වන්නේ මෙවන් ‘යන්නේ කොහෙද මල්ලෙ පොල්’ ඉලක්ක නිසා බව දැන් පැහැදිළි ය. ඔවුන්ට විය යුත්ත කර ගැනීමට නොහැකි ය. ඒ නිසා ම, ආණ්ඩු බලය ද තිබිය දී, කොහේවත් නැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් වයස අවුරුදු දෙකක දරුවෙකු විසින් ලංකාවේ පැරණිතම පක්‍ෂය නින්දිත ලෙස ආයතන 42කට බැස්සවා ඇත. ඔවුන්ගේ ම වචනවලින් කියතහොත් ජී එල් පීරීස් නම් පුද්ගලයෙකුගේ පක්‍ෂයක් විසින්, තවදුරටත් කිවහොත් කුරුණෑගල දිස්ත්‍රික් පා. ම කෙනෙකුගේ පක්‍ෂයක් විසින් ලංකාවේ මහා පක්‍ෂය (ඇමරිකාවේ නම්- Grand old Party-GOP) රෙද්දේ ගූ යන ලෙස පරාජය කර දමා ඇත. දැන් ඔවුන් තමන්ගේ ගූ බෙට්ට කෙලින් කියා හුරේ දමමින් සිටීම රනිල්ගේ ආතල් බලකායේ නවතම සංස්කරණයයි. තමන් සාර්ථක 30 වැනි පරාජය ද ලබා සිටින බව මොවුන්ට තාමත් අවබෝධ වී නැති ද? මා නම් කියන්නේ හෙට අනිද්දා ම සිරිකොතට කඩා පැනීමට සූදානම් සජිත් පිලෙන් මේ නායකයා ද ඔහුගේ ගෝලයින් ද තවදුරටත් රැක ගැනීම සඳහා, පොහොට්ටුව ජයග්‍රහණය කළ කොට්ටේ නගර සභාවේ ද සහාය ඇති ව නැවත වරක් සිරිකොත ඉදිරිපිට මාර්ගය කාර්පට් කිරීම මහින්ද විසින් ඇරඹිය යුතු බව ය !

පක්‍ෂයක මැතිවරණ උපක්‍රම හා ප්‍රචාරයන් ඉලක්කගත වන්නේ ඉන් අපේක්‍ෂිත අවසන් ප්‍රතිඵවලට සාපේක්‍ෂව ය. පොහොට්ටුවට අවශ්‍ය වූයේ හැකි තරම් ආයතන දිනා ගැනීම මිස ඡන්ද ප්‍රතිශතය සියයට 50 ඉක්මවා යෑමට නොවේ. ප්‍රතිශත මෙහි දී අදාළ නොවන්නකි. කෙසේ වෙතත්, අපට දැන් පෙනී යන ලෙස එජාපය හා ආණ්ඩුව උත්සාහ දරා ඇත්තේ පළාත් පාලන ආයතන දිනා ගැනීමට නොව තම ඡන්ද ප්‍රතිශතය සියයට 50 ඉක්මවා යෑමට බව පෙනී යයි. පළාත් පාලන මැතිවරණයක ප්‍රකාශ වන ඡන්ද ප්‍රමාණය හා ජනාධිපතිවරණයක එසේ වන ප්‍රමාණය අහසට පොළොව මෙනි. ඒ අතින් ගත්විට, මෙම මැතිවරණයේ දී ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය හා එය පොහොට්ටුවට ලැබුණු ප්‍රමාණය අතිශය විශ්මයජනක ය. සියයට 71ක ඉක්මවා ගිය පළාත් පාලන ආයතනය ප්‍රමාණයක් (340න් 239ක්) ලැබීම සිතා ගැනුමට පවා නොහැකි ප්‍රතිශතයකි. පොහොට්ටුව තනිව පළාත් පාලන ආයතන 239 සමග සභිකයින් 3,369ක් (44.65%) සහ ස්වාධීන කණ්ඩායම් 3 ක්, තිරප්පනේ නයා, මහරගම බයිසිකලය, මහියංගන රයිනෝ ද ජයගෙන ඇත. ඒවා ඉහත ගොන්නට එකතු වී නැත. එජාපය (රනිල් + මනෝ ගනේශන් + රිෂාඩ් බදියුදීක් + රාවුෆ් හකීම්) යන සියල්ල ද සමග ලබාගෙන ඇත්තේ සියයට 32.63කි. සභික ප්‍රමාණය 2385කි. කෙසේ වෙතත්, තනි එජාපය 1970+ පමණකි. එජාපය සිටින්නේ එවන් පහළ අඩියක ය.

පොදුජන පෙරමුණේ 2020 ජනාධිපතිවරණ පදනම වන්නේ එම පෙරමුණ විසින් දැන් රට පුරාම අල්ලාගන තිබෙන බිම් මට්ටමයි. අප ජනතාවගෙන් ඉල්ලා සිටියේ ද එයයි. ජනතාව ඊට මහ හඬින් අනුමැතිය දී තිබේ. අපට එම ආයතනවලින් පෝෂිත ජනතාව සඳහා පැහැදිළි හා ඉලක්කගත සංවර්ධන වැඩ පිළිවෙලක් තිබේ. විශේෂයෙන්, මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වය තුළ, බැසිල් රාජපක්‍ෂ මහතා විසින් දැඩිව විස්වාස කරන ග්‍රාම රාජ්‍ය සංකල්ය ඔස්සේ යමින් ගම නැවත වරක් සෑම අතින් සෞභාග්‍යමත් කිරීම අපගේ අරමුණයි. එහි දී ගමක ආර්ථික, සාමාජිය හා සංස්කෘතික යන අංග තුනම අපි ස්පර්ශ කරමු.

මෙවන් ප්‍රායෝගික වැඩපිළිවෙලකට සමාන්තර ව, බිම් මට්ටමේ අස්සක් මුල්ලක් නෑර දැල එලා තිබෙන විශාලත ම දේශපාලන බලවේගය පොහොට්ටුව බව කිසිවෙකු විසින් අමතක කරන්නේ නම් ඔහු/ඇය දේශපාලනය කිරීමට නොව ඒ ගැන කතා කිරීමට ද සුදුසු වන්නේ නැත. කෙසේ වෙතත්, එම යථාර්තය අමතක කරන රනිල්ට ද ඔහුගේ ගෝලයින්ට ද අපි කැමති වෙමු. මන්ද ඔවුන් 2020 අපගේ ජය පහසු කරන නිසා ය.

 

 

Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 182181
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 185219
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 186429
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 226489

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 339640
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15180684
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15035991
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12520074
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 12467181
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 12313884
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'