Logo

නිමල් සිරිපාල සටන අරඹයි-අත්සන් 113ක් එකතු කරයි



අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මූලික කරගත් එක්සත් ජාතික පක්‍ෂය නෙරපා දමමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් බිහි කිරීම සදහා පාර්ලිමේන්තුවේ ආසන 113ක බහුතර බලය පෙන්වීම සදහා වන ලිපියට අත්සන් ගැනීම ආරම්භ වී තිබේ.

මෙහ් පළමු අත්සන ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් තබා ඇති අතර පිහිටවනු ලබන අලූත් සන්ධාන ආණ්ඩුවේ අගමැති ධුරය ඔහුට හිමිවනු ඇතැයි වාර්තා වෙයි. ඒ වෙනුවෙන් පිලිගැනීමේ උත්සව සූදානම් කරන්නැයිද ඔහු විසින් බදුල්ල දිස්ත‍්‍රික්කයේ සිය දේශපාලන ක‍්‍රියාකාරීන්ටද දන්වා ඇති අතර ඇමතිවරයා අද දිනයේ විශේෂ ආගමික වැඩසටහන් කිහිපයකටද එක් විය.

ලයිස්තුවේ දෙවැනි අත්සන ඇමති එස්.බී. දිසානායක මහතා විසින් තබා ඇති අතර තුන්වැනි අත්සන ඇමති ජෝන් සෙනෙවිරත්න මහතා විසින් තබා තිබේ.

ඇමති දයාසිරි ජයසේකර මහතාගේ නිවසේ සිට අත්සන් ලබා ගනිමින් ඇත.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවේ සිටින සියළු දෙනා විසින් අත්සන් තැබෙන මෙම ලයිස්තුව හෙට පෙරවරුව වන විට ඒකාබද්ද විපක්‍ෂයේ සිටින සියළු මන්ත‍්‍රීවරුන්ද අත්සන් කිරීමට නියමිතය.

ඒ අනුව අත්මන් 96 කින් යුතු වන ලයිස්තුවේ 113ක බහුතරය පෙන්වීම සදහා එක්ත් ජාතික පක්‍ෂයේ හා වෙනත් පක්‍ෂවල පිරිසකගේ අත්සන් ලබා ගැනීම සිදුවනු ඇති අතර පස්වරුව වන විට ජනාධිපතිවරයා වෙත එය බාර දී සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම සදහා අනුමැතිය ඉල්ලා සිටීමට සූදානම් වෙමින් ඇත.

Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 47045
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 48244
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 50351
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 89661

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 154718
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- සංජන රවිඳු
2014-06-18 17:22:53 - 14503757
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 14336279
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 11910970
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 11790301
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 11591236
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'