Logo

කලබල අස්සේ ලංකාවට ගෙන්වූ කෝට් 16 සුපිරි මෝටර් රථය



ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් මිල දී ගෙන තිබූ Bentley Mulsanne Hallmark මෝටර් රථය මේ වන විට මෙරටට පැමිණ ඇතැයි වාර්තා වේ. මෙහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 160 ක් හෙවත් රුපියල් කෝටි 16 ක් පමණ වන බව වැඩිදුරටත් සඳහන් වේ.

මේ බව අනාවරණය කරමින් අද (15) දින Daily FT පුවත් පත කියා සිටින්නේ ධම්මික පෙරේරා විසින් මිල දී ගනු ලැබූ Blue සහ Porcelain White වර්ණයන්ගෙන් යුතු Bentley Mulsanne Hallmark මෝටර් රථය ඊයේ (14) දිනයේ දී ගුවන් මගින් ශ්‍රී ලංකාවට පැමිණි බවයි.

Bentley Mulsanne Hallmark රථ මුළු ලොවටම නිෂ්පාදනය කර ඇත්තේ ඒකක 50 ක් වන අතර ධම්මික පෙරේරා විසින් මිල දී ගෙන ඇත්තේ එම පෙළේ අවසාන වශයෙන් නිෂ්පාදිත මෝටර් රථයයි.

මේ අනුව දකුණු ආසියාව, අග්නිදිග ආසියානු කලාපය හා මැදපෙරදිග කලාපයටම Bentley Mulsanne Hallmark මෝටර් රථයක හිමිකාරීත්වය දරනු ලබන එකම පුද්ගලයා බවට ධම්මික පෙරේරා පත් වී තිබේ.

එංගලන්තයේ H. J. Mulliner & Co සමාගම විසින් Bentley Mulsanne Hallmark නිෂ්පාදනය කරනු ලබයි. එහි නිමාව සම්පූර්ණයෙන්ම මිනිස් අතින් (handcrafted cars) සිදුකරනු ලබන නිෂ්පාදනයක් වේ.

Mulsanne Hallmark කාණ්ඩය, ඒකක 50 කට පමණක් සිමා කර ඇති අතර එහි අවසාන වශයෙන් නිෂ්පාදනය කරනු ලැබූ මෝටර් රථය මෙලෙස ධම්මිකගේ හිමිකාරීත්වයට පත්වී තිබේ.

Bentley Mulsanne Hallmark මෝටර් රථයක ආරම්භක මිල ස්ටර්ලිං පවුම් 390,000 ක් පමණ වේ. එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 84 කි. එසේම ශ්‍රී ලංකා රේගුවේ තොරතුරුවලට අනුව මේ සඳහා ගෙවන ලද තීරු බද්ද රුපියල් මිලියන 76 කි.

 

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 41596
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 91870
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 126108
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 239660
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 865918
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 17615836
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16846363
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13985937
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13927383
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13811767
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'