Logo

රතුපස්වල ප්‍රතිඵලය හා එජාප-ජවිප විනාශය-මහින්ද



රතුපස්වල ඡන්ද කොට්ඨාශය පමණක් නොව, වැලිවේරිය හා බැලුම්මහර ඇතුළු ප්‍රදේශයේ සියළු ඡන්ද කොට්ඨාශ මෙවර ඉහළින් ම ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. එය අතිශය සංකේතාත්මක ජයක් බව ද කිව යුතුයි. මන්ද රතුපස්වල සිදුවීම අදාළ ප්‍රදේශයේ පමණක් නොව, මුළු රටේ ම මහින්දගේ ඡන්ද කැඩීම සඳහා එදා භාවිතා වූ ප්‍රධානතම ‘කතන්දරයක්’ වූ නිසාය. අද ද ඇතැමුන් එම වචනය කටපාඩමට මෙන් රාජපක්‍ෂ ආණ්ඩුවට එරෙහි ව භාවිත කරති. එහෙත් ඔවුන් ඒ සියළු දෙනාට දැන් රතුපස්වල ජනතාව විසින් ම නිසි පිළිතුරු ලබා දී තිබීම කොතරම් දෛවෝපගත ද?

කලක සිට මා හට පුද්ගලිකවම මෙම ප්‍රදේශයට යාමට කැමැත්තක් තිබූ අතර ඒ අනුව, එම ප්‍රදේශයේ ජනතාව විසින් ම සංවිධානය කර තිබූ ඡන්ද රැස්වීම රැසකම ජනතාව ඇමතීම සඳහා පසුගිය මැතිවරණ සමයේ අවස්ථාවක් ලැබුණි. එහි දී ඒ බොහෝ අය අප සමග ප්‍රකාශ කළ පොදු කරුණක් විය. එනම් ප්‍රදේශයට බැහැරින් පැමිණි පිරිසක් විසින් තමා ‘ඇන්දූ’බවයි. අවසානයේ සිදු වූයේ තමන් රැකියා කළ හා ආයතනයට යමක් සපයා සරිකරගත් ආදායම ද ප්‍රශ්නගත රබර් කම්හල ඉවත් කිරීමෙන් පසු ඔවුන්ට අහිමි වූ බව ය. ඛේදය ඉන් අවසන් නොවීය. අදාළ රබර් කම්හල තායිලන්තයට ගෙන යාමට සිදු වීමෙන් රටට අහිමි වූ විදේශ මුදල් ප්‍රමාණය මුදලික් කෝටි ගණනකි. ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජාතික පක්‍ෂය විසින් රාජපක්‍ෂ ආණ්ඩුවෙන් පළිගැනීම සඳහා කරන ලද ඒ ව්‍යාජ අරගලයේ ප්‍රතිඵල අද රතුපස්වල ජනතාව විසින් ඔවුන්ට පුංචි ඡන්දයේ දී ලබා දී ඇත. එහෙත්, ඔවුන් කළ ඒ පාපකර්මය එතෙකින් ගෙවා දැමිය හැකි ද?

උපුටා ගැනීම

//රුපියල් කෝටි 16 කට බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක් රථයක් මිලදී ගත් ධම්මික පෙරේරා හේලීස් සමාගම් සමූහයේ වැඩිම කොටස් ප්‍රමානයක් හිමි පුද්ගලයාය.හේලීස් සමූහ වියාපාරයට අයත් ඩීප් ප්‍රඩක්ට්ස් සමාගම රබර් කර්මාන්තයේ ලාංකික ප්‍රමුඛයෝ වූහ.ඔවුන් විසින් නිපදවන ලද රබර් අත්වැසුම් ලෝකය පුරා ශල්‍යාගාරයේ සිට මිදුල්,ගොවිපලවල් දක්වාම භාවිතා විය.

වැලිවේරිය ඩීප් ප්‍රඩක්ට් ආයතනයේ සේවක පිරිසක් 2013 මාර්තු මස වැඩවර්ජනයක් සිදුකලෝය.එය හේතුකරගෙන සේවකයින් 147ක් සේවයෙන් පහකර දමන ලදී.එම සේවක සටන යලි මතු වූයේ කර්මාන්ත ශාලාව නිසා ප්‍රදේශයේ ජල දූෂනයක් සිදුවෙනවා යන අමූලික අසත්‍ය වපුරවමිනි.වාම වාදය සමග අත්වැල් බැදගත් කොලපාට ධනවාදය සහ ඊලාම් වාදය විසින් එම අසත්‍ය ,ජල ප්‍රස්නයක් ලෙස ගොඩනංවා ජීවිත ගානක් බිලිගන්නා ලදී.ආන්ඩුව පැරදීම සදහා "වතුර ඉල්ලනකොට වෙඩි තිබ්බා " යන සටන් පාඨයද නිමවාදුන්නේ ඒ මුසාවය. සටනේ අනෙක් ඛේදවාචකය වූයේ ලංකාවෙ රබර්වලින් නිමවා ලෝකයටම විකුනන ලද අත්වැසුම් වෙලදාම නිමකිරීමය.ඩීප් ප්‍රඩක්ට් ආයතනය රතුපස්වල සිය කර්මාන්තශාලාව වසාදමා,ඉන්පසු තම රබර් කර්මාතය ක්‍රම ක්‍රමයෙන් තාය්ලන්තයට ගෙන ගියේය.ඒ සමගම ලංකාවෙ රබර් වෙලදාමට අත්වූයේ බ්‍රිතාන්‍ය කාර්වෙලදපොලට අත් වූ ඉරණමය//

මහින්ද පතිරණ

Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 42191
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 43002
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 45362
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 84602

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 148311
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- සංජන රවිඳු
2014-06-18 17:22:53 - 14489832
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 14322459
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 11893364
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 11768104
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 11574112
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'