Logo

ගෝඨා දැහැනින් මිදෙයි-ජනපතිවරණයට කැමැත්ත දෙයි



හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා සමග මව්බිම පුවත්පත කරන ලද සාකච්චාවක් පහතින් දැක්වෙයි.

කොහොමද මේ දවස්වල කේන්දරේ. රාජයෝග එහෙම තියෙනවද?

එහෙම නෑ (මහ හඩින් හිනා)

ඔබ මීට පෙර ප්‍රකාශ කළා මහින්ද රාජපක්‍ෂ හා බැසිල් රාජපක්‍ෂ යන දෙදෙනාගේ එකඟතාව තියෙනවා නම් ජනාධිපතිවරණයට තරග කරන්න සූදානම් කියලා. දැන් ඒ දෙදෙනාගේ එකඟතාව ලැබිලද?

තවම අපි එකට සාකච්ඡා කළේ නෑ. තව කල් තියෙනවා. මහින්ද ජනාධිපතිතුමා හරි කාලය ආවම ඒ සාකච්ඡාව කරයි.

ඔබ දේශපාලනය ගැන එතරම් උනන්දු නෑ කිව්වත් ඔබේ ප්‍රකාශ බොහොමයකම තියෙන්නේ දේශපාලන මතවාද?

දේශපාලන මතවාද යමෙකුට තියෙන්න ඕනෑ. මගෙත් දේශපාලන මතවාදයක් තියෙනවා. මම දකින විදිහට මොන විදිහටද මේ රට පාලනය විය යුත්තේ, මොන ප්‍රතිපත්ති ද තිබිය යුත්තේ කියන කාරණය. ඒ පිළිබඳ විවිධ අවස්ථාවල ප්‍රකාශ කරනවා. ඉතින් ඒවා දේශපාලන වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්.

නමුත් ඒකාබද්ධ විපක්‍ෂයේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මහින්දානන්ද අලුත්ගමගේ වැනි මන්ත්‍රිවරු සෘජුවම කියනවා ගෝඨාභය රාජපක්‍ෂ තමයි ජනාධිපති අපේක්‍ෂක කියලා. මෙවැනි ප්‍රකාශයක් ඔවුන් විසින් කරන්නේ ඔබේ අනුදැනුම ඇතිවද?

 

නෑ. ඒවා ඒ අයගේ පෞද්ගලික ප්‍රකාශයන්. ඒ අය විතරක් නෙමේ තව අය වගේම දේපාලනඥයන් නොවන අයත් ප්‍රකාශයක් කරලා තියෙනවා. දැන් ජනපති අපේක්‍ෂකයකු පත් වෙන්නේ ඒ ඒ අවස්ථාවට යම් කිසි පක්‍ෂයක සුදුසුම පුද්ගලයානේ. එතකොට අපේ පිල මතවාද දරන අය ඒ වෙලාවට හිතන හො¼දම අපේක්‍ෂකයා කවුද කියන එක මත තමයි ඕනෑම අපේක්‍ෂකයකු ඉදිරියට එන්නේ.

ඒ අපේක්‍ෂකයා කවුද කියන කාරණය රටේ තහවුරු වෙමින් තිබෙනවා නේද?

එක පාරටම මම එනවා කියනවට වඩා එය රටේ මතයක් හැටියට වර්ධනය වෙලා එතැනින් එන එක තමයි හොඳම ක්‍රමවේදය. ඒ විදිහට තමයි ජයග්‍රාහී අපේක්‍ෂකයකු ඉදිරිපත් කරන්න පුළුවන්. මම දකින විදිහට ඊළඟ ජනාධිපතිවරණය රටේ තීරණාත්මකම මැතිවරණයක්. එය අනිවාර්යයෙන් රට ගැන ආදරයක් තියෙන, රටේ ස්වෛරීභාවය, ඒකීයභාවය සුරකින, අවුරුදු ගණනාවක් තිබූ ත්‍රස්තවාදය අවසාන කරපු, ජීවිත කැප කළ රණවිරුවන්ගේ සුරක්‍ෂිතභාවය ආරක්‍ෂා කරන ඒ වගේම වැඩකරන්න පුළුවන්, වෛරී දේශපාලනයෙන් තොරව රටේ ආර්ථිකය සංවර්ධනය කරන්න පුළුවන් චරිතයක් එන්න ඕනෑ. ඒ චරිතය ජනතාවගෙන් එන්න ඕනෑ.

යම් හෙයකින් ඒ චරිතය ඔබ වුණොත්?

ඉතින් ඒ චරිතය මං වුණොත් මට අනිවාර්යයෙන්ම ඒක භාරගන්න වෙනවා.

ඔබ රාජ්‍ය නිලධාරියකු ලෙස කටයුතු කළා මිස අවම තරමින් ගම් සභා නියෝජිතයකු ලෙස හෝ කටයුතු කර නෑ. ඔබ විශ්වාස කරනවද රාජ්‍ය නායකයකුගේ වැනි ධුරයක වගකීම භාරගත හැකියි කියලා?

 

මං හිතන්නේ ඒක තමයි. මුළු ලෝකයේම අද සාම්ප්‍රදායික දේශපාලනඥයන් ප්‍රතික්‍ෂේප වෙමින් යනවා. ඒකට හේතුව දේශපාලනය කෙරෙහි තිබූ විශ්වාසය ඇමෙරිකාවේ පවා සිදුවන දෙයක්. ට්‍රම්ප් කියන්නේ ඔබ කියපු ආකාරයේ කිසිදෙයක් නොකරපු දේශපාලනඥයෙක්. ඒ වගේ අය ජනතාව හොයමින් යනවා. ඉතින් දේශපාලනය කරන්න ගම් සභාවෙන්ම එන්න කියලා අවශ්‍ය නෑ. මොකද යම් කිසි දේශපාලනය ගැන අවබෝධයක් තියෙන ඒ වගේම පාලන තන්ත්‍රයේ පළපුරුද්දක් තියෙන අයට පුළුවන් දේශපාලනයට එන්න. ඒක නැති එක තමයි ප්‍රශ්නය. යම් කිසි පුද්ගලයෙක් දේශපාලනඥයෙක් වශයෙන්ම පමණක් පටන් ගත්තොත් ඒක අසාර්ථකයි. ජීවිතයේ යම් අවස්ථාවක රැකියාවක් කර තිබිය යුතුයි.

එහෙම වුණොත් රටේ මහජන නියෝජිතයකු වීමට ද්විත්ව පුරවැසිභාවය බාධාවක්. ඔබේ ඇමෙරිකානු පුරවැසි භාවය ඉවත් කර ගැනීමට ඔබ ලෑස්තිද?
ඔව්. ඉතින් කරන්න වෙනවනේ.

සාමාන්‍යයෙන් නාධිපතිවරණයකට සුළු ජාතීන්ගේ ඡන්ද වැදගත්. ඔබ තරග කළොත් දමිළ – මුස්ලිම් ඡන්ද ලැබෙයි කියලා විශ්වාසද?

මම නියෝජනය කරන පිලෙන් එන ඕනෑම පුද්ගලයෙක් ගන්නා ඒ සුළු වාර්ගික ඡන්ද ප්‍රමාණයම මට ලැබෙනවා කියලා විශ්වාසයි.

කෙසේ වුවත් ඔබ තරග කරන්න යන්නේ අපරාධ, දූෂණ චෝදනා එල්ල වූ කණ්ඩායමක් සමඟ නේද?

නෑ. එහෙම කණ්ඩායමක් එක්ක නෙමේ. මම නියෝජනය කරන මතවාදයයි වැදගත්. චෝදනා ඕනෑම අයකුට කරන්න පුළුවන්. ලෝකයේ හැම තැනම තිබූ දෙයක් තමයි ජාතික නායකයන් බිහිවූ සෑම තැනකදීම ජාතිකත්වය, රටක සංස්කෘතිය සාරධර්ම, මේවා නියෝජනය කරන ජාතික නායකයන්ට එරෙහි බලවේග හැම තිස්සේම ඔවැනි චෝදනා එල්ල වෙනවා. අභූත චෝදනාව මූලික වශයෙන් ගේන්නේ දූෂිතයෙක්මයි. දෙවැනි කරුණ තමයි අධිරාජ්‍යවාදය. ඒවා පදනම් විරහිතයි. දැන් වඩාත් පහසුවෙන් සමාජ ජාල හරහා කිසිම පදනමක් නැතිව ඔය කාරණා ඉදිරියට ගේනවා. ඊට පස්සේ ප්‍රධාන මාධ්‍යවලින් ඒවා ර්ථීඪජඬ උන කරනවා. ඊළඟට ඒ මතය ජනතාව අතරට යනවා. අද මහා දූෂණ කියලා මොනවද එල්ල වෙලා තියෙන්නේ? ඇලුමිනියම් බටයක්, කැරම් බෝඩ් එකක්, සිල් රෙද්දක් ගත්තා කියලා. මේවා තමයි මහා චෝදනා. ඉතිහාසයම අරන් බලන්න. මේ රජයත් ඡන්දයක් ආවම බලන්න.

නමුත් ප්‍රබල චෝදනා එල්ල වී තිබෙනවා?

හොරකම් කළා නම් කෝ ඒ මුදල්, දැන් හොයන්න බැරිලු. මොකද හොයන්න බැරි? අද ලෝකේ ඒ තරම් සම්බන්ධතාවක් තියෙනවා. විශාල වශයෙන් බටහිර රටවල් සමඟ ගනුදෙනු කරනවා. ඒ ඕනෑ රටක තියෙන වැරදි මුදල් ගේන්න අපහසුතාවක් නෑ. ඔප්පු කරන්න එපැයි. කාටද නඩු දාන්න ඕනෑ කියලා, පරීක්‍ෂණ පවත්වන්න ඕනෑ කියලා කොහොමද ඇමැති මණ්ඩලයක් තීරණය කරන්නේ? ඇමැතිවරයෙක් ප්‍රසිද්ධියේම කිව්වට අහවලා අපි අත්අඩංගුවට ගන්නවා කියලා ඒ පරීක්‍ෂණ කරන නිලධාරීන්ට බාධාවක් නෙමේද? මේකද සාධාරණත්වය? මේක තමයි ඒකාධිපතිත්වය. මේක තමයි පොලිස් රාජ්‍යයක ලක්‍ෂණ.

ඔබ විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවට අදාළව එවකට හමුදාපතිව සිටි සරත් ෆොන්සේකාගෙන් ප්‍රශ්න නොකරන්නේ ඇයි කියලා? මොකක්ද ඒ ප්‍රකාශයේ තේරුම?

 

Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 26361
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 26964
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 29644
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 69642

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 127900
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- සංජන රවිඳු
2014-06-18 17:22:53 - 14437228
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 14269240
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 11845276
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 11725287
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 11531073
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'