Logo

සල්මන් ඛාන්ට වසර 5ක සිර දඬුවමක්



සල්මන් ඛාන් යනු බොලිවුඩ් සිනමාවේ විය පත් නොවන සුපිරි නළුවෙකි. වයස අවුරුදු 52ක් ඉක්මවුව ද ඔහු තවමත් ඉන්දීය තරුණියන්ගේ සිහින පෙම්වතා ය.

දක්ෂතාව අතින් සල්මන් ඛාන් දෙවන අමිතාබ් භච්චන් බවට පත් වනු ඇති බවට සිනමා විශ්ලේෂකයින් අනාවැකි පළ කර තිබිණි. එහෙත්, රාජේෂ් ඛන්නාගේ නොසැලකිලිමත් හැසිරීම නිසා අමිතාබ් භච්චන් සුපිරි තරුවක් බවට පත්වූ සේ ම සල්මාන්ගේ දඩබ්බරකම් නිසා ඔහු වෙනුවට ෂාරුක් ඛාන් සුපිරි තරුව බවට පත් විය.

සුපිරි තරුවක් බවට පත්වෙමින් සිටියදී සල්මන් ඛාන් අධ්‍යක්ෂවරුන් සමග ගැටලු ඇති කර ගත්තේ ය. බොහෝ නිළියන් සමග ප්‍රේම සබඳතා පැවැත්වීය.

එපමණක් නොව ඔහු විවිධ ක්‍රියාකාරකම් නිසා නීතියේ රැහැනට ද හසු විය.

පදික වේදිකාවේ නිදා සිටි යාචකයෙකු සිය රථයෙන් යට කර මරණයක් කළ බවට වූ පැමිණිල්ලෙන් ඔහු යන්තම් ගැලවිණි.

ඊට අමතරව ගිනි අවි ළඟ තබා ගැනීමේ චෝදනාවකින් ද ඔහු නිදහස් විය.

කෙසේ වෙතත්, ඔහු 1998 වසරේ කළ වරදකට ඊට වසර 20කට පසු එනම් මේ වසරේදී ඔහු වරදකරු වී ඇති බව වාර්තා වේ.

ඒ, 1998 වසරේදී රූගත කිරීමක් අතරතුර දුර්ලභ ගණයේ ගෝනුන් දෙදෙනෙකු ඝාතනය කිරීමක් සම්බන්ධයෙනි.

ජෝද්පූර්හි අධිකරණයක විභාග වූ මෙම නඩුවෙන් ඉන්දීය රු. 10000ක මුදලක දඩයක් නියම කර ඇති අතර ඔහුට වසර 5ක සිර දඬුවමක් ද නියම කර තිබේ.

කෙසේ වෙතත්, මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට සල්මන් ඛාන්ට අවස්ථාවක් පවතී.

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 41563
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 91729
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 125948
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 239022
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 864589
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 17602672
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16842648
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13984812
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13926338
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13810811
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'