Logo

බටහිර නූතනත්වය හා අපි



අපේ ගෙවල් ළඟ තියනවා පියදාස සිරිසේන ශූරින්ගේ ගෙදර. පියදාස සිරිසේන ශූරීන් කියන්නේ ලංකාවේ නිදහස වෙනුවේන කතා කළ බටහිර සිරිත් විරිත් අනුගමනය කළ එකට දැඩිව විවේචන එල්ල කරපු විද්වතෙක්. අද එයාගේ මුණුපුරු මිනිපිරියෝ ඔක්කොම වගේ බටහිර රටවලට සංක්‍රමණය වෙලා. සිංහල වත් දන්නේ නැති වෙයි ඊළඟ පරම්පරා. ඇයි ඒ? රටක දේශපාලනික ස්ථාවරත්වය හා ආර්ථික සංවර්ධනය නැති වුණාම ඒ රටේ මිනිස්සුන්ට ඉන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. එතකොට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් යනවා. ජාතිකවාදී ව්‍යාපාරයක් කියන්නේ රටක ජනතාවක් දේශපාලන හා ආර්ථික වශයෙනුත් ස්ථාවර හා ශක්තිමත් කිරීමක්. ඒක සිදුනොවුනොත් සාර්ථක වෙන්න බැ. ඒ අසාර්ථක වීම නිසා කොටසක් රටින් යනවා, තවත් කොටසක් විජාතික වැඩ පිළිවෙල වැළඳ ගන්නවා. අද සිංහල බෞද්ධ විරෝධී බටහිර ගැති සෙට් එකක් ඇති වෙලා තියෙන්නේ එහෙමයි

බටහිර නූතනත්වය කියන්නේ අද මුළු ලෝකයම යටත් වෙලා තියන දෙයක්. ඒක සංස්කෘතික ආක්‍රමණයක් තමයි. බටහිරයේ සංස්කෘතික ආක්‍රමණය ලෝකයටම දැනෙන්නේ අවුරුදු 500-600 ක් තිස්සේ බටහිර ශිෂ්ඨාචාර ලෝකේ අනිත් ශිෂ්ඨාචාර අභිබවා නැගී සිටීම. ඒ අය දේශපාලනික, තාක්ෂණික, අධ්‍යාපනික කියන හැම පැත්තෙන්ම අනිකා අභිබවා ගියා. එහෙම යන අයගේ සංස්කෘතික බලපෑම නවත්වන්න බැ. උදාහරණයකට මහා ශිෂ්ඨාචාර තිබ්බ චීනය හා ඉන්දියාව පවා ඒකට යටත්. නමුත් අද වෙන කොට චීනය හා ඉන්දියාව කියන්නේ ස්වෛරී රාජ්‍යයන් හැටියට සළකන රටවල්. ඒකට හේතුව ඒ අය දේශපාලනික වශයෙන් බලවත් වීම. ඒ දේ කරන්න නම් බටහිර නූතනත්වය ප්‍රතික්ෂේප කරලා බැ. ඒකෙන් ගන්න ඕන වාසිය ගන්න ඕන. බටහිර නූතනත්වය පිළි අරගෙනත් බටහිර අධිරාජ්‍යයවාදයට නැමුණේ නැති රටවල් වුණේ එහෙමයි.

රටකට අවශ්‍ය දේශපාලන ස්ථාවරත්වය ඇති කරගෙන දේශපාලනික හා ආර්ථික අතින් ශක්තිමත් වෙන එක. එහෙම නොකර බටහිර ආධිපත්‍යෙයන් ගැලවේනන බැ. ඒක කරන්න නූතනත්වය ප්‍රතික්ෂේප කරලත් බැ. බටහිර නූතනත්වය පාවිච්චි කරන්නේ රටක් හැටියට ශක්තිමත් වෙන්න. එහෙම නොවුණොත් වෙන්නේ අවුරුද්දක් ගානේ ජිනිවා වල ඉන්න සුද්දන්ගේ ආඩම්බර බලන්න තමයි.

Ish Diaz විසිනි

දැන්වීම්
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 12461
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 36883
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 289703
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 298499
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 298502
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15612004
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15475587
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12936968
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 12882516
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 12730431
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'