Logo

විමල්ගෙන් එජාපයට ශ්‍රිලනිපයට හා ඒකාබද්ධයටත් ප්‍රහාරයක්



පැරදුණු ආණ්ඩුව, තෙල්දෙණියේ ගින්න, මෙතැනින් කොතැනට ද’ යන තේමාව යටතේ ජාතික නිදහස් පෙරමුණ විසින් පවත්වනු ලබන දේශන මාලාවේ දෙවැන්න කන්තලේ සම්පත හෝටල ශ්‍රවණාගාරයේ දී සිදු කරමින් එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා මෙසේ අදහස් පල කලේය.

අපේ කඳවුරේ ඉඳගෙන බටහිර – ඉන්දීය න්‍යාය පත්‍රයට උඩගෙඩි දෙන දේශද්‍රා්හී තක්කඩියෝ කියනවා ‘අගමැති රනිල්ට එරෙහිව විශ්වාසභංග හෝ වෙනත් ක්‍රියාමාර්ග ගේන්න ඕනේ නැහැ. රනිල් පැරැද්දුවාම මෛත්‍රී ශක්තිමත් වෙනවා’ කියලා. සිරිසේන ජනාධිපතිවරයා අමුතුවෙන් ශක්තිමත් කරන්න පුළුවන් කෙනෙක් ද? පළාත් පාලන ඡන්දයෙන් එයා ගත්තු 13%න්, 10%ක් නිකම්ම ඊළඟ ඡන්දයේ දී අපේ පැත්තට ගැලවිලා ඒවි. එයාට දැන් නම් විධායක බලය තිබෙන නිසා සී මැදුරු කවුළුවට වී බලා සිටිය හැකියි.

රට බෙදීමේ ව්‍යවස්ථාව සම්මත කර ගැනීම, එට්කා ගිවිසුම ගැසීම, ජාතික සම්පත් විකිණීම ඇතුළු බටහිර – ඉන්දීය න්‍යාය පත්‍රය තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ අතෙයි. ඒ නිසා ඒ පරගැති න්‍යාය පත්‍රය අතේ තිබෙන කෙනා බල රහිත කිරීම කියන්නේ සිරිසේන මහත්තයා ශක්තිමත් කිරීමක් නොවෙයි. ඒක මේ රටේ දේශමාමක බලවේග ශක්තිමත් කිරීමක්.

‘ඇමරිකන් – ඉන්දියන් විසුරේලා’

ඇමෙරිකාවට සහ ඉන්දියාවටට රනිල් තියාගන්න ඕනේ තමන්ගේ න්‍යාය පත්‍රය ඔහු ලවා දිගේලි කර ගන්නයි. ‘ඒ රටට හතුරු සියල්ල සිදු වුණාට පස්සේ හෝ අපට බලය ආවාට කමක් නැහැ’ කියන නරුම මතයක් සමහරුන්ට තිබෙනවා. මේ සියල්ල නිවැරදිව දකින්න ඔබට හැකි විය යුතුයි. ‘කොටියට ඕනෑ නැගිටින යුගයක් – ඒකට ඕනෑ මෛත්‍රී යුගයක්’ කියා අපි ඒ දවස්වල කීවේ මේ සියල්ල විනිවිඳ දකිමින්. එවිට සමහරු කීවා අපි ‘වතුර බේසමේ කිඹුල්ලු දකිනවා’ කියලා. නමුත් අද සිදු වෙමින් පවතින්නේ අපි කී දේ නොවෙයි ද?

ඇමෙරිකන් සහ ඉන්දීයන් තානාපතිවරුන් දෙදෙනා දැන් හරියට වැඩ කරන්නේ ‘විසුරේලා’ දෙදෙනෙක් වගෙයි. දැන් රනිල් – මෛත්‍රී ජෝඩුවට එකට ඉඳලා ඇති වෙලා තිබෙන්නේ. ඒත් මේ විසුරේලා දෙන්නා කියනවා, ‘අපේ න්‍යාය පත්‍රය සම්පූර්ණයෙන් ඉටු කරලා දෙනකන් තමුසෙලාට ඩිවෝස් වෙන්න බැහැ. කාමර දෙකක හරි ඉඳලා අපේ වැඬේ හරියට කරපල්ලා’ කියලා. මේ විධායක ජනාධිපති හා අගමැති එකට තියාගෙන කරගන්න තව වැඩ තියෙනවානේ. ඒ ටික කරගන්නකම් මේ දෙන්නා එකට තියා ගන්නයි මේ ‘විසුරේලාට’ උවමනා.

 

ජනාධිපතිවරණයට නාමයෝජනා කැදවන තෙක් එනම් 2019 ඔක්තෝබර් තෙක් අපි ඉතාමත් අවදියෙන් සිටිය යුතුයි. මේ අනතුර හොඳින් වටහා ගත යුතුයි. ලක්ෂ ගණනින් පාරට බැහැලා හරි මේ ආණ්ඩුව ගෙදර යවන්න අවශ්‍ය වුණොත් එදාට එ් දෙය හෝ සිදු කරමු. එහෙම සූදානම් වී ඉදිරියට යමු.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ



දැන්වීම්
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 12461
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 36889
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 289703
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 298513
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 298502
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15612009
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15475598
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12936968
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 12882516
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 12730436
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'