Logo

කුඩා ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ජාත්‍යන්තරයට ගෙනියන්න තැපැල් දෙපාර්තමේන්තුවෙන් ක්‍රමවේදයක්



සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොළට ගෙන යාමට අවශ්‍ය වෙළඳපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියක් පිළිබඳ තැපැල් දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙනු ලැබ තිබේ.

ඒ අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදනbepost (Beyond the post)නමැති ව්‍යාපාර ක්‍රමවේදය තුළින් ජනතාව අතරට ගෙන යාමට නියමිත ය.

අද තැපැල් දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී තැපැල් සේවා අමාත්‍ය එච්.එම්.ඒ. හලීම් මහතා පැවසුවේ ජාතික ව්‍යවසායකත්ව අධිකාරිය සමග එක්ව මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන බවය.

ඒ අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන bepost.lk නමැති වෙබ් අඩවිය ඔස්සේ අන්තර්ජාලය හරහා ඇනවුම් කර ජනතාවට මිලදී ගැනිමට අවස්ථාව හිමිවෙයි.

තැපැල්පති රෝහණ අභයරත්න මහතා පැවසුවේ අහාර පාන, රෙදි පිළි, විසිතුරු භාණ්ඩ, අත්කම් නිර්මාණ, බෑග්, සපත්තු වැනි භාණ්ඩ ඒ අනුව අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කළ හැකි බව ය.

අදාළ නිෂ්පාදනවල ප්‍රමිතිය ජාතික ව්‍යවසායකත්ව අධිකාරිය මගින් තහවුරු කරන බව ද එම මාධ්‍ය හමුවේදී අනාවරණය විය.

තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම පුළුල් කිරීම මෙම වැඩපිළිවළේ තව ත් අරමුණක් බව තැපැල්පතිවරයා වැඩි දුරට ත් සඳහන් කළේය.


Loading...
දැන්වීම්
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 23575

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 61575
සෙංකඩගල නිළමෙලා සිංහල ජාතිය පාවා දීම
- නලින් ද සිල්වා
2018-04-06 03:34:57 - 127942
රටට අවශ්‍ය දේශපාලනීකරණය නොවු යහපාලනයකි
- අචාර්ය නාලක ගොඩහේවා
2018-04-01 22:18:37 - 144102
ලොව ඉහලම කාබන් ප්‍රතිශතයක් ඇති ලොව හොඳම මිනිරන් හමුවන බෝගල මිනිරන් පතල
- ඉන්දික කුමාර
2018-01-17 20:45:06 - 505657
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ඉන්දික කුමාර
2014-06-18 17:22:53 - 14192639
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 14030670
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 11587348
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 11468362
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 11266725
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'