Logo

සිංහල අවුරුද්දට නෑගම් ආපු අයට මහින්දගෙන් ලැබුණ ප්‍රාර්ථනය



වයඹ පළාතට ජලය සැපයීම සඳහා පසුගිය රජය සමයේ ආරම්භ කළ දැදුරු ඔය ජලාශ ව්‍යපෘතිය අවසන් කිරීමට වත්මන් ආණ්ඩුව අපොහොසත් වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

 

හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ අද(10) කාල්ටන් නිවසේ පැවති අලුත් අවුරුද්දට නෑගම් පැමිණි ගොවීන් පිරිසක් මුණ ගැසුණු අවස්ථාවේදීයි.

 

වයඹ පළාතේ දැදුරු ඔය ජලාශය යටතේ ගොවිතැන් කරනු ලබන ගොවීන් අද කාල්ටන් නිවසට අලුත් අවුරුද්දට නෑගම් පැමිණියා.

 

එලෙස පැමිණි ගොවීන් පැවසුවේ තමන්ට සාර්ථක අස්වැන්නක් ලබා ගත හැකි වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආරම්භ කළ දැදුරු ඔය ජලාශ ව්‍යපෘතිය හේතුවෙන් බැවින් අලුත් සහල් මංගල්‍යයෙන් පසු ඊට කෘත ගුණ සැලකීමට මෙලෙස තෑගි බෝග රැගෙන නෑගම් පැමිණි බවයි.

 

කෙසේ වෙතත් තමා විසින් ආරම්භ කළ මොරගහ කන්ද ව්‍යාපෘතිය යාන්තමින් අවසන් කර ඇති බවත් පැවසු මහින්ද රාජපක්ෂ මහතා මේ වසර ගණනාවටම මෙම ගොවීන්ට ජලය ලබා දීමට රජය අපොහොසත් වී ඇති බව ද පැවසීය.

 

එනිසා නෑගම් පැමිණි ජනතාවට හිටපු ජනාධිපතිවරයා විසින් වෙලාවට වතුර ලැබේවා යැයි ප්‍රාර්ථනයක් ද එක් කර සිටියේය.

 



Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 98856
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 100792
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 102599
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 141386

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 228386
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- සංජන රවිඳු
2014-06-18 17:22:53 - 14697386
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 14536988
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12112741
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 11984204
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 11800748
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'