Logo

මහේන්ද්‍රන් දුටු තැන අල්ලනු - රතු නිවේදනය නිකුත් කරයි



මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන චූදිතයකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය මගින් ඊයේ (20 වැනිදා) රතු නිවේදනයක්‌ නිකුත් කර තිබේ.
 
 බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවට ඉදිරිපත් නොවීම නිසා අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව අවස්‌ථා තුනකදීම වරෙන්තු නිකුත් කෙරිණි.
 
 එසේ වරෙන්තු නිකුත් කිරීමෙන් පසු ඒ පිළිබඳ කරුණු දක්‌වමින් මෙරට ජාත්‍යන්තර පොලිස්‌ ඒකකය මගින් කරනු ලැබූ ඉල්ලීමකට අනුව ජාත්‍යන්තර පොලිසිය අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමේ රතු නිවේදනය නිකුත් කර ඇතැයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක පොලිස්‌ අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවසීය.
 
 බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රහස්‌ පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝෂියස්‌ සහ ඔහුට අයත් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ හිටපු ප්‍රධාන විධායක කසුන් පලිසේන යන සැකකරුවෝ දැනට අධිකරණ නියෝග මත රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටිති.
 
 බැඳුම්කර නඩු විභාගය ආරම්භ වීමටත් පෙර ජනාධිපති කොමිසම ක්‍රියාත්මක වන කාලයේ හිටපු මහ බැංකු අධිපතිවරයා මෙරට සිට සිංගප්පූරුවට ගියේ ය.
 
 අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව මෙසේ ජාත්‍යන්තර පොලිසිය නිකුත් කළ රතු නිවේදනයට අනුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ හා නීතිපති දෙපාර්තමේන්තුවේ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම මත ඔහු අත්අඩංගුවට ගැනීමේ කටයුතු සිදුවනු ඇත.

දැන්වීම්
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 962
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 8242
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 237441
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 271810
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 529469
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15920326
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15791075
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13253342
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13199953
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13048047
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'