Logo

මීළඟ පාර්ලිමේන්තු සැසියේදී පෙරළියක්‌?



මැයි 08 දා පාර්ලිමේන්තු සැසිවාරයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළොත් ඊට ඡන්දයක්‌ ඉල්ලා සිටීමේ අයිතිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ඇතැයි නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා ප්‍රකාශ කළේය. 
 
 යම් හෙයකින් එම ඡන්ද විමසීමේදී ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශය පරාජයට පත් වූවොත් ඇමැති මණ්‌ඩලය විසුරුවා හැර අලුත් ඇමැති මණ්‌ඩලයක්‌ පත් කිරීමට ජනාධිපතිවරයාට සිදුවන බව ද හෙතෙම  ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයාට මෙම 08 වැනිදා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කරමින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයක්‌ නොකර සිටීමේ අයිතිය ඇතැයිද කී හෙතෙම ප්‍රතිපත්ති ප්‍රකාශයක්‌ කළොත් ඊට ඡන්දයක්‌ ඉල්ලා සිටීමට මන්ත්‍රීවරුන්ට හැකි බවද කීවේය.
 
 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ හතළිස්‌ අටවැනි වගන්තියට අනුව ආණ්‌ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ සම්මත කළහොත් හෝ අයවැය විසර්ජන පනත් කෙටුම්පත හෝ ආණ්‌ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශ ප්‍රතික්‍ෂේප කළහොත් ඇමැති මණ්‌ඩලය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට සිදු වේ.

Loading...
දැන්වීම්
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 21366

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 57032
සෙංකඩගල නිළමෙලා සිංහල ජාතිය පාවා දීම
- නලින් ද සිල්වා
2018-04-06 03:34:57 - 122441
රටට අවශ්‍ය දේශපාලනීකරණය නොවු යහපාලනයකි
- අචාර්ය නාලක ගොඩහේවා
2018-04-01 22:18:37 - 139409
ලොව ඉහලම කාබන් ප්‍රතිශතයක් ඇති ලොව හොඳම මිනිරන් හමුවන බෝගල මිනිරන් පතල
- ඉන්දික කුමාර
2018-01-17 20:45:06 - 502153
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ඉන්දික කුමාර
2014-06-18 17:22:53 - 14170732
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 14015043
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 11578618
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 11463012
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 11261087
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'