Logo

දැන හෝ නොදැන ඔබත් නිල් පැහැති ව්‍යාඝ්‍රා පෙත්ත භාවිත කරනවාද..? එහෙමනම් මේ කතාව කියවලම බලන්න



ව්‍යාඝ්‍රා නමැති ඖෂධය ගැන බොහෝ දෙනා අහලා තිබුණත් මේ ගැන වැඩි අවබෝධයක් නොතිබෙන්න පුළුවන්.
මෙම ඖෂධය නිපදවා තිබෙන්නේ ලිංගික බෙලහීනතාවට විසඳුමක් වශයෙන්.
‘ව්‍යඝ්‍රා කනෙක්ට්’ ශාරීරික උත්තේජක පෙති ඖෂධ ශාලාවකට ගොස් වෛද්‍ය වට්ටෝරුවක් (prescription) නොමැතිව මිලදී ගන්න එක්සත් රාජධානිය අවසර දී තිබෙනවා
එක්සත් රාජධානියේ සෑම පුරුෂයන් පස් දෙනෙකුගෙන්ම එක් අයෙකු ලිංගික අකර්මන්‍යතාවයෙන් පෙලෙන බෙව හෙළිකරගෙන තිබෙනවා.
තවද එය සංඛ්‍යාත්මක වශයෙන් සමස්ත ජනගහනයෙන් ලක්ෂ 43 ක්.
මෙම ඖෂධය නිසි මාත්‍රාව ඉක්මවා භාවිත කිරීමෙන් අතුරු ආබාධ බලපෑ හැකි බව වෛද්‍ය මතයයි.

නිල් පැහැති මෙම කුඩා පෙති භාවිත කිරීමට පෙර අවධානය යොමු කළ යුතු කරුණු මොනවාද?
භාවිත කළ යුත්තේ කවුරුන් විසින්ද?
‘ව්‍යඝ්‍රා කනෙක්ට්’ භාවිත කළ යුත්තේ ලිංගික බෙලහීනතාවයෙන් පෙළෙන පුරුෂයන් පමණකි.
ලිංගික කටයුතුවල යෙදීමට තරම් ශරීර සෞඛ්‍ය යහපත් මට්ටමේ පසු නොවන පුද්ගලයන් එම උත්තේජකය භාවිතා කිරීමෙන් වැළකී සිටිය යුතු බව වෛද්‍ය උපදේශයයි.
එසේම හෘද හෝ රුධිර නාලිකාවල දරුණු මට්ටමේ ගැටලු පවතින පුරුෂයන් ද ඊට ඇතුලත් වනවා.
පඩි පේලි දෙකක් නැගීම වැනි සැහැල්ලු ව්‍යායාමයක යෙදෙන විටදී අධික මහන්සියක් හෝ පපුවේ වේදනාවක් දැනෙන පුද්ගලයන් ‘ව්‍යඝ්‍රා කනෙක්ට්’භාවිත නොකළ යුතු බවට වෛද්‍යවරු උපදෙස් දෙනවා.

මිලදී ගැනීමට පෙර කුමක් කළ යුතුද?
තමාට ඇති රෝග ලක්ෂණ, සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වය සහ පාවිච්චි කරනු ලබන වෙනත් ඖෂධ වේනම් ඒ පිළිබඳව ඖෂධවේදියෙකුගෙන් හෝ වෛද්‍යවරයෙකුගෙන් කරුණු විමසීම වැදගත් වනවා.
ඒ සඳහා කායික පරීක්ෂණයක් සිදු කිරීම අවශ්‍ය නොවේ.

‘ව්‍යඝ්‍රා’ ක්‍රියාකාරිත්වය?
බොහෝ දෙනෙකුට බලාපොරොත්තු ප්‍රතිඵල ලැබෙන නමුත් ඇතැමෙකුට එය එසේ නොවිය හැකියි.
පුරුෂ ලිංගයේ රුධිර වාහිනී සැහැල්ලු කර හොඳින් රුධිරය ගලා යාමට සැලැස්වීම ‘ව්‍යඝ්‍රා’ මගින් සිදු කෙරෙයි .එය ලිංගික උත්තේජනයකට ප්‍රතිචාර වශයෙන් ලිඟුව ප්‍රාණවත් වීමට ඉවහල් වනු ඇත.
ව්‍යඝ්‍රා’ ආහාර ගෙන හෝ නොගෙන භාවිත කළ හැකියි. කෙසේ නමුත් විශාල ආහාර වේලකින් පසු එහි ක්‍රියාකාරිත්වය අරම්භවීම සඳහා කෙටි වේලාවක් ගතවිය හැකියි.
ලිංගික සංසර්ගයට පැයකට පමණ පෙර එය භාවිත කළ යුතුය යන්න උපදේශය වී තිබෙනවා.
මිදි හෝ මිදි යුෂ සමග ‘ව්‍යඝ්‍රා කනෙක්ට්’භාවිත නොකළ යුතුයි. ඖෂධයේ ක්‍රියාකාරිත්වය කෙරෙහි එය බල පෑමට ඉඩ ඇති හෙයින්.
දිනකට මිලිග්‍රෑම් 50 ට වඩා භාවිත නොකළ යුතු බවත් වෛද්‍ය උපදේශයයි.
අධික ලෙස මත්පැන් පානය කිරීම ද ලිඟුව ප්‍රාණවත් වීම කෙරෙහි බල පෑමට ඉඩකඩ ඇත.

බලපෑම ප්‍රබල නම් කුමක් කළ යුතුද?
ව්‍යඝ්‍රා’ බලපෑම දීර්ඝ වේලාවක් බල පැවැත්වෙන්නේ නම් නම් හෝ ප්‍රබල නම් ඖෂධවේදියෙකුගේ හෝ වෛද්‍යවරයෙකුගේ උපදෙස් පැතිය හැකියි.
සාමාන්‍ය කාලය ඉක්මවා හෝ පැය හතරකට වැඩි වේදනාකාරී ප්‍රාණවත් වීමක් පවතින අවස්ථා ද ඇතැම්විට වාර්තා වී තිබෙනවා. එසේ වූ විට වහා වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි.

ඇතිවිය හැකි වෙනත් අතුරු බලපෑම් මොනවාද?
හිසරදය ඇති වීම සුලබ තත්ත්වයක් (සෑම පුරුෂයන් දස දෙනෙකුගෙන් එක් අයෙකුට හිසරදය ඇති විය හැක)
සෑම පුරුෂයන් දස දෙනෙකුගෙන් එක් අයෙකුට ඇති විය හැකි සුලබ තත්ත්වයන්;
කැරකිල්ල
පෙනීම අපැහැදිලි වීම
දැඩි උණුසුමක් දැනීම
නාසය බරවීම
ඔක්කාරය
ඖෂධය ලබා ගැනීම නවතා වහා වෛද්‍ය උපදෙස් පැතිය යුතු අතුරු බලපෑම්
පපුවේ වේදනාව
එකවර පෙනීම අඩුවීම හෝ නැති වීම
ආසාත්මිකතා (හුස්ම ගැනීම අපහසුවීම, හතිය හෝ තොල්, ඇසිපිය හෝ මුහුණ ඉදිමීම
සිහි මුර්ඡා වීම
වෙනත් ඖෂධ පාවිච්චි කරන්නෙක් ‘ව්‍යඝ්‍රා කනෙක්ට්’ භාවිත කිරීමට අදහස් කරන්නේ නම් ඔහු ඊට පෙර, ඒ පිළිබඳ විශේෂඥ උපදෙස් පැතිය යුතුයි.

බීබීසීය ඇසුරෙනි.

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 149509
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 241914
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 291592
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 457335
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 1315512
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19042146
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18246636
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 14432557
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14358253
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14251268
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'