Logo

මහින්ද ඊළඟ මෙහෙයුම අරඹයි



නව පාර්ලිමේන්තු සැසිවාරයේදී රාජාසන කතාව පරාජය කිරීම සඳහා ඒකාබද්ධ විපක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ කණ්‌ඩායමක්‌ විසින් දේශපාලන මෙහෙයුමක්‌ ආරම්භ කර තිබේ.

නව සැසිවාරය මැයි 8 වැනිදා ආරම්භ වන අතර එහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රජයේ ප්‍රතිපත්ති ඇතුළත් රාජාසන කතාව ඉදිරිපත් කිරීමට නියමිත ය.

රාජාසන කතාවට අවශ්‍ය නම් ඡන්දයක්‌ ඉල්ලා සිටිය හැකි අතර ඒ අනුව විපක්‍ෂය විසින් ඒ සඳහා ඡන්ද විමසීමක්‌ ඉල්ලා සිටීමට නියමිත ය.

එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ඒ වනවිට අවසන්ව ඇති බැවින් ඊට විරුද්ධ පිරිස්‌වල ද සහාය රාජාසන කතාව පරාජය කිරීම සඳහා ලබා ගැනීමට හැකියාව ඇතැයි ඒකාබද්ධ විපක්‍ෂය පවසයි.

එසේම පසුගිය විශ්වාසභංගය පරාජය කිරීමේදී විවිධ පාර්ශ්වවලට ලබාදුන් පොරොන්දු මෙතෙක්‌ ඉටුකර නොමැති නිසා එම පාර්ශ්වවල ඡන්දය ද රාජාසන කතාවට විරුද්ධව ලබා ගැනීමට හැකි තත්ත්වයක්‌ ද ඇති වී තිබේ.

රාජාසන කතාවේ ඡන්ද විමසීමේදී රජය පරාජය වුවහොත් අගමැතිවරයා ඉල්ලා අස්‌විය යුතු අතර නව අගමැතිවරයකු හා නව කැබිනට්‌ මණ්‌ඩලයක්‌ පත්කර ගැනීමට සිදුවේ. රාජාසන කතාව පරාජය වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඇති අවුරුදු හතර හමාරේ සීමාව අහෝසි වේ.

මීට පෙර 1960 දී රාජාසන කතාව පරාජයට පත්වීම නිසා එවකට අගමැති ඩඩ්ලි සේනානායක මහතාට ඉල්ලා අස්‌වන්නට සිදුවිය.

මේ අතර රාජාසන කතාව පරාජයට පත්වුවහොත් ප්‍රධාන පක්‍ෂ එක්‌ව තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් යෝජනාවක්‌ සම්මත කරගෙන පාර්ලිමේන්තුව විසුරුවා මහමැතිවරණයකට යැම සම්බන්ධයෙන් ද ඇතැම් පාර්ශ්වවල අවධානය යොමු වී තිබේ.

– Divaina

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 138937
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 229363
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 278270
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 442602
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 1293282
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19027847
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18231992
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 14409768
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14336318
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14229130
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'