Logo

පාර්ලිමේන්තු දෙවැනි සැසිවාරය රැස් කිරීමේ ගැසට් නිවේදනයට ජනපතිගෙන් අත්සන්



8 වන පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය මැයි 8 වන දා පස්වරු 2.15 රැස් කිරීමේ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තබා තිබේ.

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, ගැසට් නිවේදනය මුද්‍රණය සඳහා යොමු කර ඇති බවයි.

පසුගිය 12 වන දා මධ්‍යම රාත්‍රීයේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව වාර අවසාන කළේ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමිනි.

ඒ සමගම පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වූ රාජ්‍ය ගිණුම් කාරක සභාව, පෙත්සම් කාරක සභාව, පොදු ව්‍යාපාර කාරක සභාව ඇතුළු කාරක සභා 15 ක් අවලංගු වී තිබේ.

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා ප්‍රකාශ කළේ, ආංශික අධීක්ෂණ කාරක සභාව, උසස් නිලතල පිළිබඳ කාරක සභාව සහ විශේෂ කරුණු සම්බන්ධයෙන් වන කාරක සභාව අවලංගු නොවන බවයි.

පාර්ලිමේන්තුව වාර අවසාන කරමින් ජනාධිපතිතුමා මීට පෙර නිකුත් කළ ගැසට් නිවේදනයේ යළි පාර්ලිමේන්තුව රැස්වන දිනය සටහන්ව තිබුන ද රැස්වන වේලාව සටහන් නොවීම හේතුවෙන් මෙලෙස යළි ත් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සිදු විණි.

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 138885
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 229282
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 278103
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 442402
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 1293013
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19027682
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18231786
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 14409651
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14336184
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14229050
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'