Logo

ඉහළ අධ්‍යාපන සුදුසුකම් ඇත්තන් අතර පවතින සේවා වියුක්තිය දිගුකාලීන ගැටලුවක් වෙලා – මහ බැංකුව



සමස්ත සේවා වියුක්ති අනුපාතිකය අඩු මට්ටමක පැවතියද, තරුණ ප්‍රජාව, ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත පුද්ගලයින් සහ කාන්තාවන් අතර පවතින ඉහළ සේවා වියුක්තිය දීර්ඝකාලීන ගැටලුවක් වී ඇති බව 2017 මහ බැංකු වාර්ෂික වාර්තා පෙන්වා දේ. මේ අතර එහි වැඩිදුරටත් සඳහන් වන්නේ සේවා වියුක්ති අනුපාතිකය, පෙර වසරේ දී පැවති සියයට 4.4 සිට 2017 වසරේ දී සියයට 4.2 ක් දක්වා පහත වැටී ඇති බවයි.

සේවා වියුක්ති අනුපාතිකය පිළිබඳ 2017 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

 

කෙසේ වුවද, 2017 වසරේ දී කාන්තාවන් හා තරුණයන් අතර සේවා වියුක්තිය පහත වැටුණි. ස්ත්‍රී සේවා වියුක්ති අනුපාතිකය 2016 වසරේ දී පැවති සියයට 7.0 සිට 2017 වසරේ දී සියයට 6.5 ක් දක්වා පහත වැටුණු අතර, පුරුෂ සේවා වියුක්ති අනුපාතිකය සියයට 2.9 ක් ලෙස නොවෙනස්ව අඩු මට්ටමක පැවතුණි.

තවද, අවුරුදු 15-24 අතර තරුණ වයස් කාණ්ඩයෙහි සේවා වියුක්තිය පසුගිය වසරේ පැවති සියයට 21.6 සිට 2017 වසරේ දී සියයට 18.6 ක් දක්වා පහත වැටුණි. විශේෂයෙන්ම, ස්ත්‍රී ශ්‍රම බලකා සහභාගිත්ව අනුපාතිකය ඉහළ යෑම හේතුවෙන් සේවා වියුක්ති අනුපාතිකය මෙලෙස පහත වැටුණි. ස්ත්‍රී ශ්‍රම බලකා සහභාගිත්ව අනුපාතිකය 2016 වසරේ දී වාර්තා වූ සියයට 35.9 සිට 2017 වසරේ දී සියයට 36.6 ක් දක්වා ඉහළ ගියේය. කෙසේ වුවද, පුරුෂ ශ්‍රම බලකා සහභාගිත්ව අනුපාතිකය පසුගිය වසරේ පැවති සියයට 75.1 සිට 2017 වසරේ දී සියයට 74.5 දක්වා සුළු වශයෙන් පහත වැටුණි.

මේ අතර, ප්‍රධාන වශයෙන්, කර්මාන්ත හා සේවා අංශවල සේවා නියුක්තිය ඉහළ යෑම හේතුවෙන් පසුගිය වසරට සාපේක්ෂව 2017 වසරේදී සේවා නියුක්ත පුද්ගලයන් සංඛ්‍යාව සියයට 3.3 කින් ඉහළ ගියේය. රාජ්‍ය සේවයේ ප්‍රමාණය සමස්තයක් ලෙස නොවෙනස්ව පවතින අතර, සේවා නියුක්තිය ඉහළ යෑම තුළින් රැකියා උත්පාදනයෙහි පෙර දක්නට ලැබුණු ප්‍රවණතාවල වෙනස් වීමක් සහ දැඩි ලෙස සීමා වී ඇති රාජ්‍ය මූල්‍ය පරිසරයක් තුළ පෞද්ගලික අංශයේ ව්‍යාප්තිය රැකියා උත්පාදනය සඳහා වඩාත් තිරසාර මාවතක් පවතින බව පෙන්නුම් කෙරේ.

කෙසේ වුවද, කෘෂිකාර්මික කටයුතුවල ක්‍රියාකාරීත්වය පහළ යෑම හේතුවෙන් 2017 වසරේ දී කෘෂිකාර්මික අංශය තුළ සේවා නියුක්ත පුද්ගලයන් සංඛ්‍යාව සියයට 26.1 ක් දක්වා පහත වැටුණි.

විදේශ සේවා නියුක්තිය සැලකීමේ දී, සමාජයට සිදුවන අයහපත් බලපෑම සැලකිල්ලට ගෙන විදේශ රැකියා සඳහා පිටත්වන නුපුහුණු කාන්තා ප්‍රමාණය අඩු කිරීමට රජය විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග සහ මැදපෙරදිග රටවල පැවති භූ-දේශපාලනික අස්ථාවරභාවය හේතුවෙන් ශ්‍රමිකයන් සඳහා පැවති අඩු ඉල්ලුම නිසා 2017 වසරේ දී විදේශ රැකියා සඳහා පියත්ව යෑම සියයට 12.6 කින් පහත වැටුණි.

සමස්තයක් ලෙස, ශ්‍රම ඵලදායිතාව පළමු කාර්තු තුන තුළ දී සුළු වශයෙන් අඩු වූ අතර, අනෙකුත් අශවලට සාපේක්ෂව කෘෂිකාර්මික අංශයේ ඵලදායිතා මට්ටම සැලකිය යුතු ලෙස අඩු මට්ටමක පැවතුණි.

 

Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 182168
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 185203
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 186413
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 226477

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 339609
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15179226
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15035222
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12519471
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 12466436
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 12313081
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'