Logo

රටේ නීතිය හෑල්ලුවට ලක්වෙලා-නවීන් දිසානායක



 රටේ නිතිය හැල්ලුවට ලක් ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ තලවකැලේ සුමන මහ විද්‍යාලයේ  සම්මන්ත්රමන ශාලාවේ අද (14) පැවති විශේෂ රැස්විමකදිය.

මේ රටේ දේශපාඥයින්ට එක් අකාරයටත් සමාන්‍ය  ජනතාවට තවත් අකාරයකටත් නිතිය ක්‍රියාත්මක වන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

ශ්‍රී ලංකාව වැනි සංවර්ධන වෙමින් පවතින රටක් තුළ සැමට නිතිය එක හා සමානව ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍යවරයා කියා සිටියේය.

මේ රටේ යුද්ධය අවසන් කල නායකයා පරාජයට පත් කල ජනතාවක් සිටින රටක ජනතාවගේ නාඩි තේරුම් ගත නොහැකි බවද නවින් දිසානායක අමාත්‍යවරයා පැවසීය.

ඍජු තීරණ ගන්නා සොරකම් නොකරන කෙලින් වැඩ කරන ඕනැම පාටක දේශපාලඥයින්ට තම සහයෝගය දක්වන ලෙසද අමාත්‍යවරයා මෙහිදි ඉල්ලා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ ජන්ද දායකයාගේ සිතුම් පැතුම් තේරුම් හා ගැටලු තේරුම් ගෙන එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමඟ තමන් සාකච්ඡා කර ජාතික සංවිධායක වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බවද  නවින් දිසානායක මහතා පැවසීය.

තම මව් භාෂාවට අමතරව මේ රටේ සැම සිසුවෙකුම තවත් භාෂාවක් දැනගත යුතු බවත් මේ රට තුළ ඉංග්‍රීසි භාෂාව ඉගැන්විමට ගුරුවරුන් 6000 සිටියත් ඔවුනගේ සේවය නිසි ලෙස ඉටු කරනවාද යන්න ගැටලුවක් මතු වි ඇති  බව ද අමාතයය නවින් දිසානායක මහතා මෙම රැස්විමේදි කියා සිටියේය.

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 140207
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 233497
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 282395
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 447124
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 1299605
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19030595
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18235212
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 14412990
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14339332
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14232104
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'