Logo

ආණ්ඩුවේ බුරුලෙන් ජයටම කොටි සැමරුම්-යහපාලන ජාතික හෙල උරුමය පවසයි



ජාතික හෙල උරුමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මැයි 18 දෙමළ ජාතියේ ශෝක දිනයක් නොවේ. ත්‍රස්තවාදය පරාජය කර සාමය හා නිදහස දිනාගත් දිනයයි.

එළඹෙන මැයි 18 දා දෙමළ ජාතියේ සංහාර දිනයක් වශයෙන් නම්කර ශෝක දිනයක් කලයුතු යැයි උතුරු පළාත් සභාවේ ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්දි සසිදරන් ප්‍රකාශ කර ඇතඑමෙන්ම එදින ලෝකයේම සිටින දෙමළ ජනතාව ශෝක දිනයක් වශයෙන් සලකා කටයුතු කලයුතු බවට වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. ආනන්දි සසිදරන්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරි පළාත් සභාවේ දී සලකා බලන බව පළාත් සභාවේ සභාපති කේ.ශිවඥානම් මහතා ප්‍රකාශ කර ඇත.

පළාත් සභා අමාත්‍ය ආනන්දි සසිදරන්ගේ එම ප්‍රකාශය ගැන පුදුම විය යුතු නැත. ඇය එල්.ටී.ටී.ඊ.සංවිධානයේ හිටපු නායකයෙකුගේ බිරිඳකි. පෙර වසර වලදී ද මෙම දිනය ආසන්නයේ ඇය මේ ආකාරයෙන්ම කටයුතු කර ඇති අතර එල්.ටී.ටී.ඊ හිතවාදි කල්ලි කණ්ඩායම් ශිෂ්‍ය සංවිධාන එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ පවුල් මෙම දිනය සිහිපත් කිරීම සඳහා විවිධ වැඩසටහන් සංවිධානය කිරීම. යුද්ධය නිමාවීමෙන් පසු ගෙවුණු වසර 9 පුරාම සිදුවූවකි.

එහෙත් ගෙවී ගිය වසර කිහිපය තුළ එම දිනය සිහිපත් කිරීමේ ගුණාත්මක සහ ප්‍රමාණාත්මක වර්ධනයක් සිදු වී ඇත. එය පැහැදිලිව නිරීක්ෂණය කළ හැක්කකි. සම්මුතිවාදී ආණ්ඩුවේ ලිහිල් ප්‍රතිපත්ති එයට හේතුවන්නට ඇත. මෙම සැමරැම් පිටුපස තම මිය ගිය ඥාතිමිත්‍රාදීන් සිහිපත් කිරීමට වඩා එහා ගිය බෙදුම්වාදී, ඊළාම්වාදී දේශපාලන න්‍යාය පත්‍රයක් ඇතිබව පැහැදිලිව නිරීක්ෂණය කළ හැක. මෙම දිනය සිහිපත් කිරීම හරහා එල්.ටී.ටී.ඊ. සංවිධානයටත් එහි මතවාදයට හා දර්ශනයට යම් උත්තේජනයක් සපයන බව ඉතා පැහැදිලි අතර ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ආවේගාත්මක සටන්කාමී හා හර්තාල් ස්වරූපයකින් එල්.ටී.ටී.ඊ.දර්ශනයත් ඔවුන්ගේ සංකේතත් ප්‍රභාමත් කරන්නට කටයුතු කරන බව පැහැදිලිව දැකිය හැකි වන අතර ඒ සඳහා එල්.ටී.ටී.ඊ.හිතවාදී දෙමළ දේශපාලන කණ්ඩායම්වල සහයෝගය ද නොඅඩුව ලැබේ.

මේ වන විට උතුරේ දෙමළ දේශපාලනය තුළ සාම්ප්‍රදායික පාර්ලිමේන්තුවාදී ෆෙඩරල්වාදීන් පසුපසට තල්ලුකරමින් සටන්කාමී රැඩිකල් ඊළාම්වාදී ෆෙඩරල්වාදීන් ඉදිරියට ඒමත් ඔවුන් වඩ වඩාත් වර්ගවාදී සහ ජාතිවාදී වෙමින් සාම්ප්‍රදායික ෆෙඩරල්වාදීන් වන සම්බන්ධන්-සුමන්දිරන් සංධානය පරාජය කිරීමට ඉදිරියට පැමිණෙමින් ඇත.

පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලවලින් ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ සටන්කාමී දෙමළ බලවේගය ඉදිරියට ආ ආකාරය ද දැකගත හැකි වූ අතර උතුරු පළාත් මහඇමති විග්නේෂ්වරන්ගේ ආශිර්වාදය ද එයට හිමිවූ අතර දෙමළ ජාතික සංධානයට උතුරේ දේශපාලනයේ තිබු අධිකාරිය ද ගිලහෙමින් ඇත. මෙවන් පසුබිමක් තුළ එල්.ටී.ටී.ඊ.ඩයස් පෝරාවේ සහාය ගජේන්ද්‍ර, ශිවාජිලිංගම්, ආනන්දි හා විග්නේෂ්වරන්ට හිමිවනු ඇත. තිස්වසරක ත්‍රස්තවාදී යුද්ධය නිමාකර ලබාගත් නිදහස හා සාමය අභියෝගයට ලක්කිරීම මෙහි ඇති යටි අරමුණයි.

 

ත්‍රස්තවාදය පරාජය කර ලබාගත් ජයග්‍රහණය රටක් ලෙස අප ලබාගත් ජයග්‍රහණයක් මිස දෙමළ ජනයා සංහාරය කිරීමක් හෝ දෙමළ ජනයා පරාජය කිරීමක් නොවේ. එම ජයග්‍රහණය වෙනුවෙන් රටක් ලෙස විශාල වන්දියක් හා මිලක් අප ගෙවා ඇත. ඒ උදාකර ගත් නිදහස සාමය, ආරක්ෂා කර ගැනීම රජයේ වගකීමකි. එබැවින් උතුරේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ අවධානය යොමු කර වගකිවයුත්තන් හුදු ප්‍රකාශ වලින් හා කතාවලින් ඔබ්බට ගොස් රටේ නීතිය හා සාමය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු අතර සාමය හා සංහිඳියාවට බාධාවන එල්.ටී.ටී.ඊ.හිතවාදී ක්‍රියාකාරකම් හා සංකේත පිළිරූ උත්කර්ෂයට නැංවීම හා ප්‍රවර්ධනය කිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුය.

රටේ ජාතික ආරක්ෂාව නීතිය හා සාමය පිළිබඳ වගකිව යුත්තන් එළඹෙන මැයි 18 වනදා උතුරු පළාතෙන් වෙල්ලමුල්ලි වෛයික්කාල් හිදීත් කිරීමට නියමිත සමරු වැඩසටහන් පිළිබඳ ප්‍රමාණවත් අවධානය යොමුකර අවශ්‍ය පියවර ගන්නා මෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

නිශාන්ත ශ්‍රී වර්ණසිංහ
ජාතික සංවිධායක
ජාතික හෙළ උරුමය

Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 181925
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 184973
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 186216
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 226209

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 339111
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15163456
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15020237
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12504614
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 12451585
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 12298395
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'