Logo

මඩ ලොවේ රජු ගෝඨාට මඩ ගැසීම අරඹයි



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රට යලිත් වරක් විපත් මඟට ඇද දැමීමේ උත්සාහයක නිරත වන බව මුදල් හා ජනමාධ්‍ය  අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් මංගල සමරවීර මහතා පවසන්නේ රට සංවර්ධනය කිරීමට නම් පාලකයින් හා නිලධාරීන් දූෂණයෙන් තොරව සිටිය යුතු බවට මෑතකදී ප්‍රකාශ කර ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට බිහි වූ වඩාත්ම දූෂිතම හා භයංකරම රාජ්‍ය නිලධාරියා වශයෙන් සැලකිය හැකි බවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි චෝදනා සම්බන්ධයෙන් අධිකරණය හමුවට පැමිණ සිය නිර්දෝශීභාවය ඔප්පු කිරීම වෙනුවට දක්ෂ නීතිඥයන් මාර්ගයෙන් අත්අඩංගුවට ගැනීම වලක්වාලීමට නියෝග ලබා ගැනීමේ කටයුත්තෙහි පමණක් ඔහු නිරතව සිටින බව මංගල සමරවීර අමාත්යටවරයා පවසයි.

රාජපක්ෂ පවුලේ සෙසු සාමාජිකයින්ට එරෙහිවද චෝදනා විභාග වෙමින් පවතින අතර වර්තමානයේ ජනතාව නොමඟ යවමින් යළිත් බලය ලබා ගැනීමට ඔවුන් උත්සාහ දරනුයේ එම සියළු නඩු යටපත් කිරීමට සහ යලිත් වරක් රටේ සම්පත් සූරාකෑමට ඇති අවශ්‍යතාව මත විනා රටට ඇති ආදරය නිසා නොවන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

2015 වසරෙන් පසු අභියෝග රාශියක් මධ්‍යයේ වුවද රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට වත්මන් රජයට හැකි වීම පිළිබඳ වෛර කරමින් සිටින ඔවුන් අසත්‍ය සංඛ්‍යා ලේඛන පෙන්වමින් ජනතාව නොමඟ යැවීමට උත්සාහ දරන බව මංගල සමරවීර අමාත්‍යවරයා පවසයි.

යහපාලන ආණ්ඩුව විසින් ණය අර්බුදයක් ඇති කර ඇති බවට මහින්ද රාජපක්ෂ මහතා චෝදනා කලද මෙම රජය බලයට පත්වූ පසු ගත වූ වසර 03 ක කාලය තුළ ලබාගෙන ඇති අමෙරිකානු ඩොලර් බිලියන 12ක ණය මුදලින් බිලියන 06 ක්ම ජාත්‍යන්තර ණයදෙන සංවිධාන හා ද්විපාර්ශවීය පදනම මත සහනදායී පොලී මත ලබා ගත් ව්‍යාපෘති ණය බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඒවා මහින්ද රාජපක්ෂ මහතා විසින් හුවා දැක්වීමට උත්සාහ කරන පරිදි වාණිජ පදනමින් හෝ පරිභෝජනය සඳහා ලබා ගත් ණය නොවන අතර 2015 වසරෙන් පසු ලබාගෙන ඇති සමස්ත ණය වලින් සියයට 48 ක් පමණම භාවිත කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයා ඇතුළු පාලන සමයේ ලබා ගත් ණය ආපසු ගෙවීම සඳහා බව මංගල සමරවීර අමාත්‍යවරයා නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.



Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 205171
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 208616
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 209171
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 249231

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 362958
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15242194
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15096719
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12583487
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 12529942
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 12376788
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'