Logo

එක තීරයක් – සේද මාවතක් චීන ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාව ප්‍රධාන වෙළෙඳ සන්ධිස්ථානයක් වෙනවා



"එක තීරයක් - සේද මාවතක් චීන ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාව ඉදිරි වසර කිහිපය තුළ ප්‍රධාන වෙළෙඳ සන්ධිස්ථානයක් වන බවත්, ඒ යටතේ පවතින පෝට් සිටි(Port City) වැනි මහා පරිමාණ ව්‍යාපෘති නිසා ශ්‍රී ලංකාව ආසියාවේ දීප්තිමත්ම ව්‍යාපාරික හා සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ ශාලාවේදී විවෘත කෙරුණු, 2018 චීන ග්වන්සි ෂුවාන් නිෂ්පාදන ශ්‍රි ලංකා ප්‍රදර්ශනය හා චීන ග්‍වන්සි ෂුවාන් වෙළෙඳනාම සේද මාවතේ සිදුවීම් මාලාව ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමිනි.

චීනය ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන විශාලතම වෙළෙඳ ප්‍රදර්ශනය මෙය වේ. චීනයේ ග්වන්සි ෂුවාන් ස්වාධීන කලාපයේ වාණිජ කටයුතු අංශය- ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය, චීන ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය හා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සමඟ ඒකාබද්ධව මෙම 13 වැනි CAEXPO මහා ප්‍රදර්ශනය සංවිධානය කරති. මෙහිදී චිනයේ නව නිපැයුම් රැසක් දැක බලා ගැනීමට, අධ්‍යයනය කිරීම හා මිලදී ගැනීමටද හැකි වේ. මෙම ප්‍රදර්ශනයට චීනයේ ප්‍රමඛතම වෙළෙඳ සමාගම් 67 ක් එක්ව සිටී.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේද පැවසීය.

"ශ්‍රී ලංකාව හා චීනය අතර වෙළෙඳාමේ සුවිශේෂී වර්ධනයක් දක්නට ලැබෙනවා. 2017 වසරේදී ශ්‍රී ලංකාව හා චීනය අතර ද්වීපාර්ශවික සමස්ත වෙළෙඳ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 4.4 (4.4 Billion US Dollar) ක් හෙවත් රුපියල් කෝටි 69,520 ක් වුණා. එය 2016 සමඟ සංසන්දනය කරන විට සියයට 3% ක් වැඩිවීමක් වෙනවා. ඒ වගේම මීට වසර 5 කට පෙර එනම්, 2013 වසර සමඟ සංසන්දනය කරන විට වෙළෙඳ ගණුදෙනු වර්ධනය සියයට 46% ක් පෙන්නුම් කරනවා. ඒ වගේම අපි චීනය සමඟ ඇති කරගත් යෝජිත වෙළෙඳ ගිවිසුම සම්පුර්ණවීමත් සමඟ දෙරටේ වෙළෙඳ ගණුදෙනු ශක්තිමත් ලෙස වර්ධනය වන බව විශ්වාසයි. ඒ වගේම චීනය, ශ්‍රී ලංකාව තුළ විදේශ සෘජු ආයෝජන විශාල ප්‍රමාණයක් කරලා තියෙනවා. මේ අනුව 2017 දී පමණක් චීනය ශ්‍රී ලංකාවේ කරන ලද සෘජු ආයෝජනවල වාර්ෂික ප්‍රමාණය සියයට 32% ක අගයක් ගන්නවා. මේ යටතේ යටිතල පහසුකම් ව්‍යාපෘති, උපාය මාර්ග සංවර්ධන ව්‍යාපෘති ප්‍රධාන ආයෝජනයන් වෙනවා. චීනය ඉදිරි සතිය තුළ අපගේ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 01 (1 Billion US Dollar) හෙවත් රුපියල් කෝටි 15,800 ක මුදලක් ලබා දීමට නියමිතව තිබෙනවා. චීනය හා ශ්‍රී ලංකාව අතර ඓතිහාසික දිගුකාලීන මිතුදමක් පවතිනවා. එය චීන සමූද්‍රීය සේද මාවතේ One Belt - One Road හෙවත් එක තීරයක් - එක මාවතක් ලෙස නම් කරලා තියෙනවා. මේ යටතේ 21 වැනි සියවසේ ශ්‍රී ලංකාව කේන්ද්‍රීය වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා. ඒ අනුව අපි හා චීනය අතර සමීප සබඳතාව අප රටේ සංවර්ධන මාවත තවදුරටත් පුළුල් කිරීමට හේතු වෙනවා. ඒ වගේම අප 2016 CAEXPO මහා ප්‍රදර්ශනයේදී ඉල්ලු ආකාරයටම මෙවරද ඉල්ලා සිටින්නේ ග්වන්සි ෂුවාන් ප්‍රාන්තයේ ව්‍යාපාරික ප්‍රජාවට, ආයෝජකයින්ට අප රටට පැමිණ ආයෝජනය කරන ලෙසයි. ඒ අනුව අප හඳුනාගත් ජාතික අපනයන උපාය මාර්ගික අංශ 06 ක් පවතිනවා. එනම් තොරතුරු තාක්ෂණය, කුළුබඩු, බෝට්ටු කර්මාන්තය, සංචාරක කර්මාන්තය, සැකසූ ආහාර හා පාන වර්ග නිෂ්පාදනය හා විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික් උපාංග නිෂ්පාදනය සඳහා ආයෝජන අවස්ථා අප රට තුළ තිබෙනවා." යැයි පැවසීය.

මෙම අවස්ථාවට ශ්‍රි ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කටයුතු කොන්සාල් යංග් ෂුවොයුවාං (Yang Zuoyuan), ග්වන්සි ෂුවාං ස්වාධින පළාතේ වාණිජ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මා ජිෂියෑං (Ma Jixian), වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සොනාලි විජේරත්න, ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ජීවනී සිරිවර්ධන, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අසේල ද ලිවේරා, ශ්‍රි ලංකා කර්මාන්ත හා වාණිජ මණ්ඩල සම්මේලනයේ සභාපති රැවන් එදිරිසිංහ මහත්ම මහත්මීන්ද සහභාගි විය.

දැන්වීම්
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 1139
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 14599
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 262912
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 298599
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 556538
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15953495
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15832435
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13284763
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13230319
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13085660
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'