Logo

සිරිසේනට පලමු පාපහර සුසිල්ගෙන් - ශ්‍රිලනිප සභාපතිධූරයෙන් පැන්නිය යුතුයි



හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ධුරයට පත් කිරීම හැර වෙනත් කිසිදු විකල්පයක් නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පවසා ඇත.

වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පක්‍ෂ සභාපති ධුරය බාර නොදෙන්නේ නම් කෙසේ හෝ එය ලබාගෙන මහින්ද රාජපක්‍ෂ මහතාට ලබා දිය යුතු යයිද ඔහු සදහන් කර තිබේ.

ඔහු මෙම අදහස් පල කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතාගේ කොළඹ පිහිටි නිවසේදී ඊයේ මැදියම් රැයද ඉක්ම යන තුරු පැවැති විශේෂ සාකච්චාවකදීය.

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රීලනිප 16 දෙනාගේ කණ්ඩායම විසින් රට පුරා පවත්වන්නට සූදානම් කරමින් ඇති ‘හෘද සාක්‍ෂියේ හඬ’ නම් සම්මන්ත‍්‍රණ මාලාව සම්බන්ධයෙන් මූලාක සාකච්චා පැවැත්වී ඇත්තේ එම කණ්ඩායමෙන් කිහිප දෙනෙකු හා ඉහල මට්ටමේ උගතුන්, බුද්ධිමතුන්, වෘත්තිකයන් පිරිසකගේ සහබාගීත්වයෙනි.

එස්.බී. දිසානායක, සුසිල් පේ‍්‍රම්ජයන්ත්, තිලංග සුමතිපාල, සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ යන සිවු දෙනා 16 කණ්ඩායමෙන් සාකච්චාව මෙහෙයවූහ.

වත්මන් ජනාධිපතිවරයාද මෙම ගමන සදහා සම්බන්ධ කර ගත හැකි යයි සාකච්චාවේදී එස්.බී. දිසානායක මහතා කරන ලද යෝජනාවට දැඩි විරෝධයක් පලව ඇති අතර මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ මෑතකාලීන් භාවිතාවන් අනුව ඔහු සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බවත් ඉදිරියේදී සිදුවන ඕනෑම කටයුත්තක් සිදුවිය යුත්තේ වත්මන් ජනාධිපතිවරයාගේ කිසිදු සම්බන්ධයක් නැතිව යයිද අදහස් පල වී ඇත.

 

දැන්වීම්
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 1101
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 12844
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 255486
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 291384
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 548421
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15941605
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15820256
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13276204
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13221628
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13075118
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'