Logo

ක්‍රිකට් පිටියට Smart Watch තහනම්



ක්‍රීඩකයින් හෝ තරඟ නිලධාරීන් හට තරඟයක් අතරතුර දී ස්මාර්ට් අත්ඔරලෝසු පැළඳීම තහනම් බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි. මාධ්‍ය නිවේදනයක් මගින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ බව කියා සිටී.

එම නිවේදනයයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ක්‍රීඩක හා තරඟ නිලධාරී නියාමනයන්ට අනුව (Player and Match Officials Area (PMOA) Regulations) තරඟය පැවැත්වෙන බලප්‍රදේශය තුළ දී ස්මාර්ට් අත්ඔරලෝසු පළඳා ක්‍රිඩා කිරීමට අවසර නොමැති බවයි.

තරඟ කාලසීමාවේ දී ක්‍රීඩකයින් හා තරඟ නිලධාරීන් හට සන්නිවේදන උපකරණ භාවිතය හා ලඟ තබා ගැනීම තහනම් වන බව ක්‍රීඩක හා තරඟ නිලධාරී නියාමනයන් තුළ පැහැදිලිව දක්වා ඇති බැවින් වර්තමානයේ දී සන්නිවේදන උපකරණ ගණයෙහිලා සැලකෙන ස්මාර්ට් අත්ඔරලෝසු මේ අනුව තහනම් වනු ඇත.

මෙහිදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අවධාරණය කර සිටින්නේ, ස්මාර්ට් අත්ඔරලෝසු හරහා ජංගම දුරකතනයකට හෝ අන්තර්ජාලයට සම්බන්ධ වී පණිවුඩ ලබා ගත හැකියාව තිබෙන බැවින් තරඟ දිනයේ දී මෙවැනි උපකරණ පිටියට ගෙන ඒමට කටයුතු නොකිරීමට ක්‍රීඩකයින් හා තරඟ නිලධාරීන් වගබලා ගත යුතු බවයි.

ඊයේ (27) අවසන් එංගලන්තය හා පකිස්තානය අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය අතරතුර දී පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන අසාඩ් සෆීක් සහ බාබරා අසාම් ස්මාර්ට් අත්ඔරලෝසු පැළඳ ක්‍රීඩා කිරීමත් සමඟම මේ පිළිබඳ කතාබහ ඇතිවිය

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 162079
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 263194
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 316550
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 488564
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 1367500
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19083569
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18290331
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 14473427
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14393304
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14288692
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'