Logo

ඉන්ධන මිල සූත්‍රයට IMF සතුටු වෙයි – තවත් ඩොලර් මිලියන 252 ක් ශ්‍රී ලංකාවට



ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය ලබන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනනෙහි මීළඟ වාරිකය වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 252 ක් ලබා දීම ඊයේ (01) අනුමත කරන ලදී.

මීට පෙර අවස්ථාවක දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක සඳහන් වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයේ විස්තීරණ ණය පහසුකමෙහි 4 වැනි සමාලෝචනය නිලධාරී මට්ටමේ එකඟතාවකට පැමිණ ඇති බවත්, ස්වයංක්‍රීය ඉන්ධන මිල සූත්‍රය අනුමත කිරීම මත 2018 ජූනි මාසයේ දී එහි ඉදිරි වාරිකය ලැබෙනු ඇති බවට අපේක්ෂා කරන බවත්ය.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ රාජ්‍ය මූල්‍ය අවදානම පහත හෙළීම සඳහා ස්වයංක්‍රීය ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාවට නැංවීම ශ්‍රී ලංකාව ලැබූ විශාල ජයග්‍රහණයක් බවයි.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් කියා සිටින්නේ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව සාර්ථකව තවදුරටත් පවත්වාගෙන යෑම සහ ජාත්‍යන්තර සංචිත ශක්තිමත් කිරීම මගින්, වැඩසටහන යටතේ දෙසැම්බර් මස අවසානය සඳහා පැවති සියලුම ප්‍රමාණාත්මක කාර්යසාධන නිර්ණායක සපුරා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇති බවයි.

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 144379
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 239162
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 288274
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 453856
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 1308596
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19036469
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18241312
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 14421912
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14347437
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14240563
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'