Logo

වනජීවි නියෝජ්‍ය ඇමති මැදියම් රෑ ගිය ගමන



වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (09) මධ්‍යම රාත්‍රී 12.00 ට පමණ අනුරාධපුර හොරොවුපතාන වනජීවී කාර්යාලය වෙත පැමිණියේය.

ඔහු වනජීවී කාර්යාලය වෙත පැමිණෙන විට දැකගන්නට ලැබී ඇත්තේ නියාමක නිලධාරියෙකු හා සහයක නිලධාරියෙකු පමණක් කාර්යාලයේ තුළ නිදා සිටින ආකාරයයි.

අමාත්‍යවරයාට එහිදී දැනගන්නට ලැබුණේ රාජකාරී කටයුතුවල නිරතව සිටින ආරක්ෂක නිලධාරීන් තිදෙනෙකු නිවාඩුගොස් ඇති බවයි.

අනතුරුව අමාත්‍යවරයා මොරගොඩ වනජිවී කාර්යාලය හරහා පාලනය වන රිටිගල වනජිවී කාර්යාලය වෙත පැමිණියේය.

රිටිගල වනජිවී කාර්යාලය වෙත පැමිණෙන විට එහි නියාමක සහයකවරුන් දෙදෙනෙක් හා රියදුරුවරයෙක් ඔවුන්ගේ දුරකථනද විසන්දි කර නිදාසිටින ආකාරයයි.

වනජීවී කාර්යාලයේ අඩවි වන ආරක්ෂක නිලධාරී එච්.ඒ.පී.කේ හෙට්ටිආරච්චි නැමැත්තා එම රාජකාරියෙන් බැහැරට ගොස් ඇති බවට වනජීවි කාර්යාලයේ නිලධාරීන් පවසා තිබේ.

පසුව නියෝජ්‍ය අමාත්‍යවරයා ලොග් සටහනක්ද තබා රොරගහ පොලීසිට වෙත පැමිණ පැමිණිල්ලක්ද ඉදිරිපත් කළේය.

අනතුරුව අමාත්‍යවරයා හොරොව්පතාන සේරුවානෑව රක්ෂිතයට පැමිණි අතර එහිදී බඳින තුවක්කුවක් පත්තුවීමෙන් තුවාල ලැබූ ඇතින්නක දැක ඇති අතර පසුව අමාත්‍යවරයා හොරොව්පතාන වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට දුරකථනයෙන් කථා කර ඇතින්නට ප්‍රතිකාර කිරීමට කටයුතු කරන ලෙස පැවසීය.
 



දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 162378
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 263543
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 316860
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 489433
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 1368841
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19084951
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18291837
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 14474159
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14393882
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14289282
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'