Logo

ගෝඨා එනවාට හරිනුත් කැමතියිලු



ජනාධිපතිවරයාගේ සිට ඕනෑම අයෙකු විවේචනය කළ හැකි වාතාවරණයක් රටතුළ ගොඩ නැගී ඇත්තේ පරිණත ප්‍රජාතන්ත්‍රවාදයක් පැවතීම නිසා බව එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ලේකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

පක්ෂ මුලස්ථානයේ අද(12) පැවති මාධ්‍ය හමුවකදි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අමාත්‍යවරුන් ඇතුළු රජයට ඕනෑ ආකාරයට මඩ ගැසීමට හැකියාව ලැබී ඇති බවත් මාධ්‍යයට ඕන විදියට හැසිරෙන්න පුළුවන් තත්ත්වයක් රට තුළ ගොඩනඟා ඇති බවත් අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් කියා සිටියේය. 

මේ අතර අද වන විට ලංකාවේ ඉන්න අයට ලොකුම හොරු බවට පත්ව ඇත්තේ ඇලෝසියස්ගෙන් සල්ලි ගත්ත අය බවත්, මහජනතාවගෙන් සල්ලි ගත්ත පුද්ගලයින් අද වෙන විට හොඳ චරිත බවට පත්ව ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

අද වන විට ගෝඨාභයගේ සියලූම වැඩසටහන් මිලිටරීකරණය වී ඇති බවත්, එවැනි තත්ත්වයකට නැවත වතාවක් යෑමට අවශ්‍ය නම්, ප්‍රජාතන්ත්‍රවාදය වළදැමිය යුතු නම් කැමති කෙනෙක්ට ඒ පාරෙන් ගමන් කිරීමට හැකියාව ඇති බවත්, ගෝඨාභයගේ පැමිණීම කෙරෙහි තමා ඉතාමත් සතුටට පත් වෙන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.



Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 54772
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 55725
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 57891
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 97145

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 163956
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- සංජන රවිඳු
2014-06-18 17:22:53 - 14521496
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 14354099
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 11929185
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 11808702
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 11615170
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'