Logo

වඳින්න ගිය දේවාලේ හිසට කඩාවැටීම-රෝහල් ඔෟෂධවල විශබීජ හමුවීම



රජයේ රෝහල්වල භාවිතයෙන් ඉවත් කළ නෙබියුලයිස් කිරීමට භාවිත කරන දියරයේ සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියට යවා ඇති බව වෛද්‍ය සැපයුම් අංශය පවසයි.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා සඳහන් කළේ, එම දියරයේ විෂබීජ ඇති බව තහවුරුවීමත් සමග එම පියවර ගත් බවයි.

නෙබියුලයිස් කිරීම සඳහා භාවිත කරන එම දියරය වෙනුවට මේ වනවිට ආදේශක භාවිත කරන බව ද ඔහු සඳහන් කළේ ය.

වෛද්‍ය ලාල් පනාපිටිය මහතා පැවසුවේ, කඩිනමින් ඒවා මිලදී ගෙන වෛද්‍ය සැපයුම් අංශයට ලබාදෙන ලෙස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට දැනුම් දී ඇති බවයි.

කරාපිටිය සහ රිජ්වේ ආර්යා ළමා රෝහල්වල සිදුකළ පරීක්ෂණවලදී අදාළ දියරයේ විෂබීජ ඇති බව තහවුරුවීමත් සමග ඊයේ සිට එය රජයේ රෝහල්වල භාවිතය තහනම් කෙරිණි.

අදාළ ඖෂධය මෙරටට ගෙන්වා ඇත්තේ පකිස්ථානයෙනි.

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 20126487
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 19381638
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15542063
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 15423392
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 15327913
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'