Logo

ඕනෑම වෙලාවක අධිකරණයේ පෙනී සිටීමට සූදානම්-ගෝඨා



හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ, නීතිමය පියවර ගැනීම සහ අත්අඩංගුවට ගැනීම වළක්වමින් නිකුත් කර තිබූ නියෝගය තවදුරටත් බලාත්මක කිරීමට අභියාචානාධිකරණය අද නියෝග කළේ ය.

ඒ පෙත්සම අභියාචානාධිකරණ සභාපති විනිසුරු පී. පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳ වූ අවස්ථාවේදීයි.

තංගල්ල ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් භාවිත කළේ, යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව එම නඩුව ගොනු කර තිබේ.

ලබන 25 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදීමට සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් සීතාසි ලද විටෙක අධිකරණය හමුවේ පෙනී සිටීමටත්, සිය සේවාදායකයා එකඟ වන බව රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ රොමේෂ් ද සිල්වා මහතා අභියාචානාධිකරණය හමුවේ කියා සිටියේ ය.

පෙත්සම යළි ලබන 25 වන දා කැඳවීමට නියමිතයි.

දැන්වීම්
උතුරේ ගොවියා බල ගැන්විය හැකි මිදි වගාව අරඹමු
- ඉන්දික කුමාර
2019-02-19 09:52:51 - 169
කැපුම් මල් කලාවේ ධනවතුන්
- ඉන්දික කුමාර
2019-02-14 21:20:52 - 6897
ඇන්තූරියම් වගාවකින් ගුණාත්මක මල් ලබාගනිමු
- ඉන්දික කුමාර
2019-02-14 20:04:06 - 9485
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 342062
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 503391
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19453826
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18669500
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 14842848
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14743407
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14634528
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'