Logo

උතුරු කොරියාවේ සම්බාධක ඉවත් කරන්නේ මෙහෙමයි



උතුරු කොරියාව සම්පූර්ණයෙන් ම න්‍යෂ්ටික අවිහරණය කළ බවට සපත කරන තුරු එරටට එරෙහි ආර්ථික සම්බාධක ලිහිල් නොකරන බව අමෙරිකාව අවධාරණය කරයි.

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මේ බව අවධාරණය කර ඇත්තේ, දකුණු කොරියාවේ සෝල් නුවර පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙම මාධ්‍ය හමුව සඳහා දකුණු කොරියානු සහ ජපාන රාජ්‍ය ලේකම්වරුන් ද සහභාගී වී ඇත.

රාජ්‍ය ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ, අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර පසුගිය දා පැවති ඓතිහාසික හමුවෙන් දිනකට පසුවයි.

පසුගිය සමයේ දැඩි ප්‍රතිවාදීන් ලෙස වාග් සංග්‍රාමවල නිරත වූ අමෙරිකා – උතුරු කොරියා නායක දෙපළ පසුගිය 12 වනදා සිංගප්පූරුවේදී මුහුණට මුහුණ හමුවීමෙන් පසු නව දෙරට අතර සබඳතාවක් ගොඩ නගා ගැනීම සඳහා වන ගිවිසුමකට ද එළැඹිණ.

සිංගප්පූරු හමුවෙන් පසු රාජ්‍ය ලේකම්වරයා දකුණු කොරියාව බලා පිටත්ව ගොස් ඇත්තේ, හමුව පිළිබඳව සිය කලාපීය මිතුරු රටවල් දැනුවත් කිරීම සඳහායි.

රාජ්‍ය ලේකම්වරයා මාධ්‍ය හමුවේදී  වැඩිදුරටත් පවසා ඇත්තේ, 12 වන දා හමුව දෙරටේ සබඳතා නව සබඳතාවක් වෙනුවෙන් වූ හැරවුම් ලක්ෂයක් බවයි.

Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 205619
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 208998
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 209533
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 249707

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 363382
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15244634
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15099357
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12586423
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 12534668
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 12379950
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'