Logo

ඥානසාර හිමි සිරගත කල කුමන්ත්‍රණය මුල සිට



බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිට මාස 6ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කිරීමට හෝමාගම පොලිසිය විසින් ගොනු කල නඩුවකට අදාලව තීන්දුව ප්‍රකාශයට පත්කරමින් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 14 වනදා ක්‍රියා කරන ලදි.

ප්‍රගීත් එක්නැලිගොඩ නමැති පුද්ගලයෙකු පැහැරගෙන ගිරිතලේ යුධ හමුදා බුද්ධි කඳවුරට රැගෙන ගොස් අතුරුදහන් කළේයැයි චෝදනා කරමින් මානුෂිය මෙහෙයුමේ අසීරුතම කාර්යභාරයක් සිදුකල යුධ හමුදා බුද්ධි අංශයේ රණවිරුවන් පිරිසක් 2016 වසරේදී අත්අඩංගුවට ගෙන හෝමාගම අධිකරණයට ඉදිරිපත් කරන ලදි. හරි හැටි චෝදනා ගොනු නොකර ඔවුන්ට ඇප ලබා නොදී දිගින් දිගටම අත්අඩංගුවේ තබා ගැනීමට නීතිය ක්‍රියාත්මක කරන ආයතන එකල කටයුතු කරන ලද අතර මෙම ගිරිතලේ බුද්ධි කඳවුර ස්ථාපිත කරන දිනයේදී සෙත් පිරිත් දේශනා කිරීමට පවා ඥානසාර හිමි කටයුතු කර ඇත. බුද්ධි අංශයේ රණවිරුවන්ගේ චිත්ත දෛර්ය වර්ධනය කිරීම සඳහා දේශනා මාලාවක් ඥානසාර හිමි යුද්ධය පැවති සමයේදී සිදු කරන ලද අතර ඒ හේතුවෙන් බුද්ධි නිලධාරීන් සමග සමීප ඇසුරක් පවත්වන ලදි. නිතිය ක්‍රියාත්මක කරන ආයතන රණ විරුවන්ගෙන් පලි ගන්නාක් මෙන් ක්‍රියා කිරීම හේතුවෙන් මේ සඳහා මැදිහත් වෙන ලෙස රණ විරු පවුල්වල උදවියසිදු කල ඉල්ලීම් හේතුවෙන් ඥානසාර හිමි මේ සඳහා මැදිහත් විය.

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ මෙම නඩුව කැඳවූ එක් දිනක ඥානසාර හිමි ඇතුළු භික්ෂුන් වහන්සේලා අදිකරණයට වැඩම කර සිටි අතර එදිනද රණ විරුවන්ට ඇප ලබා නොදෙන ලෙස පොලිසිය සිදු කල ඉල්ලීම මත යලිත් වතාවක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර ඔවුන් රැගෙන යන අවස්ථාවේ ඥානසාර හිමිගේ දෙපා නැමද ඇත. ඒ සමග සංවේදී වූ ඥානසාර හිමි මහේස්ත්‍රාත් වරයාගේ අවසරය පරිදි අධිකරණයෙන් රණ විරුවන්ගේ යුක්තිය ඉල්ලා කතා කර සිටියහ. රණ විරුවන්ට එරෙහිව රාජ්‍ය නොවන සංවිධාන නියෝජනය කරන නිතිඥ්ඥයන් ඒ අවස්ථාවේදී ඥානසාර හිමි අධිකරණය ඇමතීම නීතියට පටහැනි බව පවසමින් බාදා කරන ලද අතර ඥානසාර හිමි එම ස්ථානයෙන් ඉවත් විය.

හමුදා බුද්ධි රණවිරුවන් අතුරුදහන් කළායැයි පවසන ප්‍රගීත් එක්නැළි ගොඩ කොටි ත්‍රස්තවාදීන් සමග ගනු දෙනු කල බවට චෝදනා ලැබුවෙක් වන අතර ඔහුගේ බිරිද සන්ද්‍යා එක්නැලිගොඩ ජාත්‍යන්තරයට ගොස් ශ්‍රී ලංකා හමුදාව දෙමල ජනතාවට එරෙහිව රසායනික අවි බාවිතා කල බවත් ඒ පිළිබඳව හෙළි කිරීම හේතුවෙන් හමුදා බුද්ධි අංශය තම ස්වාමියා මරා දැමු බවත් පවසමින් රණ විරුවන්ට එරෙහිව ජාත්‍යන්තරයේ මැදිහත් වීමෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසත් ඉල්ලා සිටි තැනැත්තියකි.

අධිකරණ ශාලාවෙන් පිටතට පැමිණෙන අවස්ථාවේදී ඥානසාර හිමි ඇයව දැක ඇති අතර මෙවැනි අසත්‍ය ජාත්‍යන්තරයට ගොස් නොපවසන ලෙසත් ජිවත් වෙන්න මුදල් නොමැතිනම් සිගමන් යැදීම ඊට වැඩ හොඳ කාර්යයක් බවත් පවසා එම ස්ථානයෙන් පැමිණ ඇත.

ඥානසාර හිමි තමන්ට තර්ජනය සහ අඩත්තේට්ටම් කල බව පවසමින් පසුව ඇය හෝමාගම පොලිසියට සිදුකල පැමිණිල්ලකට අනුව මෙම නඩුව හෝමාගම පොලිසිය විසින් ගොනු කරන ලදි. එක් අවස්ථාවක මහේස්ත්‍රාත්වරයා මෙම නඩුව විසඳා ගැනීම සඳහා සමත මණ්ඩලයට පවා යොමු කරන ලදි. කෙසේ වෙතත් නඩු විභාගය අවසානයේදී සාපරාදී තර්ජනය කිරීම සහ අඩත්තේට්ටම් කිරීම යන චෝදනා දෙකට වරද කරු කරමින් ඥානසාර හිමිට මාස 6කින් ගෙවී යන ලෙස අවුරුද්දක සිර දඬුවම් පනවන ලදි.

මේ පිළිබඳව නඩු තීන්දුව ලබාදුන් ජුනි 14 වනදා ඇපෑලක් ඉදිරිපත් කරන ලද අතර බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව ඥානසාර හිමිට චිවරය දැරීමට ඇති අයිතිය බන්ධනාගාරය තුලින් අහිමි කර ඇත.

Eranda K Nawarathne

Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 108376
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 109681
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 111652
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 151347

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 243207
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- සංජන රවිඳු
2014-06-18 17:22:53 - 14748759
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 14590477
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12162859
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 12033796
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 11849733
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'