Logo

සජිත් බලය යොදා වෙනත් රාජ්‍ය ආයතනයක ඉඩමක් ඩෝසර් කරයි



නව නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය විසින් තල් සංවර්ධන මණ්ඩලයට අයත් හම්බන්තොට තල්  වගා භූමියක් අනවසරයෙන් එළිකරමින් පවතින බව මාධ්‍යයට අනාවරණය විය.

ප්‍රදේශවාසීන් පවසන පරිදි මෙම නීතිවිරෝධී ක්‍රියාවට සම්බන්ධ වී සිටින්නේ ප්‍රදේශය නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරයෙක්.   

ඒ හම්බන්තොට තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි තල් සංවර්ධන මණ්ඩලයට අයත් වීරවිල වත්ත තල් වගා භූමියයි.

වසර කිහිපයකට පෙර තල් පැල වගා කෙරුණු මෙම භූමියෙහි අද තරමක් උසට වැඩුනු තල් ගස් , අනාගත ආයෝජනයක පෙරනිමිති පළ කර තිබුණි.

කෙසේ වෙතත් දින කිහිපයක සිට මෙම වගාභූමිය එක්වරම හෙළි කරන්නේ එහි නිවාස ව්‍යාපෘතියක් ඉදිකරන බවට පළාත නියෝජනය කරන ප්‍රභල දේශපාලනඥයෙක් දුන් පොරොන්දුවකට අනූවයි.

ඒ අනූව බැකෝ යන්ත්‍ර යොදා ගනිමින්  තල් ගස් ගලවා ඉවත් කරන ආකාරය උකුසු ඇසට හසුවිය.

මෙය නීතිවිරෝධී ක්‍රියාවක් බවට කරුණු වාර්තා වන අතර ලැබුණු තොරතුරු ඔස්සේ උකුස්සා මේ එළි පෙහෙළි කිරීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සොයා බැලීය.

එහිදී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් ඉඩම් අමාත්‍යංශයේ අනුමැතිය ලැබෙන තෙක් ඉදිකිරීම් නවත්වන ලෙස නිවාස අමාත්‍යංශය කළ දැනුවත් කිරීම නොතකමින් නිවාස අමාත්‍යංශය අත්තනෝමතිකව කටයුතු කරන බව වාර්තා විය.
 
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගස් හෙලීමේ පාලන පනතට අනුවද තල් ගස් 15කට වැඩි ප්‍රමාණයක් බිම හෙලීමට ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුව, මෙන්ම  දිස්ත්‍රික් ලේකම්වරයාගේ නිර්දේශය සහ විෂය භාර අමාත්‍යංශ ලේකම්වරයාගේ අනුමැතිය අවශ්‍ය වෙයි.

කෘෂිකර්ම අමාත්‍යෘංශයේ ලේකම් බී විජේරත්න මහතා පවසන්නේ ගෙවුනු තෙවසර තුළ තමා කිසිදු තල් වගා භූමියක් එළෙස එළි පෙහෙළි කිරීමට අවසර දී නොමැති බවයි.

ඒ අනූව නිවාස අමාත්‍යංශය වගකීම් විරහිතව මෙන්ම නීති විරෝධීව ක්‍රියා කරමින් මෙම භූමියෙහි තල් ගස් ඉවත් කරන බව   තහවුරු කර ගත්තේය.

මේ පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යවරයාද  අදහස් පලකළේය.

අමාත්‍යංශ දෙකක උපදෙස් අනුගමනය නොකරමින් අත්තනෝමතිකව නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය සිදුකරන ඉඩම් හෙළි කිරීම පිළිබදව උකුස්සා සීරුවෙන්.

 



දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 9415
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 38960
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 66519
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 145071
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 588580
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 16359562
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16280359
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13671420
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13613185
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13501453
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'