Logo

එඩින්සන් කවානි රොනාල්ඩෝගේ ලෝක කුසලාන සිහිනය බොඳ කර දමයි.



 2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියෙන් ඉවත් වීමට ප්‍රබල පෘතුගාල කණ්ඩායමට ඊයේ සිදුවිය.

ඒ, සුපිරි 16 දෙනාගේ වටයේදී උරුගුවේ කණ්ඩායම සමග පැවති තරගය ගෝල 2ට 1ක් ලෙස පරාජයට පත්වීම හේතුවෙනි.

මූලික වටයේ සිට අවසන් 16 දෙනාගේ වටයට අපරාජිතව පැමිණි උරුගුවේ කණ්ඩායම් ආරම්භයේ සිටම පෘතුගාලයට දැඩී පීඩනයක් එල්ල කල අතර උරුගුවේ ක්‍රීඩක එඩින්සන් කවානි පළමු අර්ධයේදී සිය කණ්ඩායමට ප්‍රථම ගෝලය එක් කළේය.

නමුත් පෘතුගාලයට එම අර්ධයේදී කිසිඳු ගෝලයක් වාර්තා කිරීමට අවස්ථාවක් හිමිනොවුණු අතර ඒ අනුව තරගයේ පළමු අර්ධය නිමුවුණේ ගෝල 1 ට 0 ක් ලෙස උරුගුවේ ක්‍රීඩකයින්ට පෙරමුණ හිමිකර දෙමිනි.

තරගයේ දෙවන අර්ධයේදී පෘතුගාලයේ පෙපේ සිය කණ්ඩායමට පළමු ගෝලය එක් කළද නැවතත් ක්‍රියාත්මක වූ කවානි උරුගුවේ කණ්ඩායමට දෙවන ගෝලය එක් කලේ සිය කණ්ඩායමට තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ දොරගුළු විවර කර දෙමිනි.

ඒ අනුව ගෝල 2 ට 1 ක් ලෙස පෘතුගාලය පාරජය කළ උරුගුවේ කණ්ඩායම මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

පෘතුගාලය කණ්ඩායමේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ (Cristiano Ronaldo) වැනි ප්‍රබල ක්‍රීඩකයෙකු සිටි නමුත් අවසානයේ ඔවුන්ට පරාජය වැළඳ ගැනීමට සිදුවිය.

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 11262
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 41412
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 69727
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 149719
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 600782
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 16368888
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16291820
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13681108
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13623716
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13511090
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'