Logo

දෙවන නන්දිකඩාල් අවශ්‍යනම් එය දෙන්න ගෝඨා ජීවමානයි



කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විජයකලා  මහේෂ්වරන් මහත්මිය  යාපනය  වීරසිංහම් ශාලාවේදී පැවති රාජ්‍ය උත්සවයකදී “එල්ටීටීඊ එක යළි ගෙන ඒමයි අපේ ප්‍රධාන අරමුණ.” යැයි සිදුකරන ලද ප්‍රකාශයට එරෙහිව පිවිතුරු හෙළ උරුමය විසින් කොළඹ කොටුව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් භාර දෙන ලදී.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු පක්ෂයේ ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක මහතා –

ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය තවත් එක් ළමයෙක් නෙවෙයි.

ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය තවත් එක් ළමයෙක් නෙවෙයි.  විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් ඉන්න මේ රජයේ වගකිවයුතු රාජ්‍ය අමාත්‍යවරියක්. ඒ වගේම ඇය එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකාවක්. මෙවැනි තත්ත්වයක් තුළ තමයි රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්  මහත්මිය පසුගිය දින ඒ විනාශකාරී ප්‍රකාශය සිදු කරනු ලැබුවේ.

ඇගේ ඒ ප්‍රකාශය ත්‍රස්තවාදයට අනුබල දීමක්. ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමක්. එල්ටීටීඊ සංවිධානයේ ප්‍රකාශිකාවක් සංවිධායකවරියක් විදිහට තමයි ඇය එම  ප්‍රකාශය සිදු කිරීම  අපි දකින්නේ . ඒ අවස්ථාවේදී ලංකාවේ විදේශ ඇමති හිටපු නීතිපති තිලක් මාරපන මැතිතුමා, ලංකාවේ ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා, එම කතාව අසාගෙන හූමිටි තබමින් එම ස්ථානයේම රැඳී සිටියා. වගකීමක් තියන රජය නියෝජනය කරන අමාත්‍යවරුන් විදිහට ඒ අය ඒ  ප්‍රකාශය අනුමත කරනවද කියන හැඟීම අපට තියෙනවා එම අවස්ථාවේ ඔවුන් එය සාවධානව අසා සිටීමෙන් සහ එයට විරෝධය නො දැක්වීමෙන්.

ඒ වගේම අපි කියනවා මේ ආණ්ඩුව පැහැදිලි ලෙසම මේ කොටි පුල්ලි මතුවෙලා තියන විජයකලා මහේෂ්වරන් අමාත්‍යවරිය සම්බන්ධයෙන් දරන ස්ථාවරය කුමක්දැයි රටට හෙළි කළ යුතුයි. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ කොටි දෙනට අද අඩුවෙලා තියෙන්නේ සයිනයිඩ් කරලක් විතරයි කියන එක.

 

ඒ නිසා අපි මේ ආණ්ඩුවට පැහැදිලිව කියා සිටිනවා මේ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි. ඒ පිළිබඳ විමසිල්ලෙන් අපි සිටිනවා.  මේ රටේ වළලා දැමූ කොටි ත්‍රස්තවාදයට යලි නැගී සිටින්නට ඉඩ තැබිය යුතු නැහැ. මේ අපි කරපු පැමිණිල්ල තවත් එක් පැමිණිල්ලක් පමණක් විය යුතු නොවේ යැයි අපි පොලිස්පතිතුමාට සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය වරයාට මෙන්ම මෙරට ජනාධිපතිවරයාටද අප මතක් කර සිටිනවා. මේ විජයකලා මහේෂ්වරන් කොටි දෙන ගරු අධිකරණය හමුවට පැමිණි විය යුතුයි, ඇය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මාර්ගයක් ගත යුතුයි කියන කාරණය අප අවධාරණය කරනවා.

මෙම අවස්ථාව ඳහා සහභාගී වූ පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා අදහස් දක්වමින් –

අපි දැක්කා ඊයේ මියගිය කොටි අවතාර මැද්දේ නැගිටපු විජයකලා නැමති ද්‍රෝහී ගැහැනියගේ ප්‍රකාශයෙන් මුළු රටම කැළඹී තියෙනවා.  අපි දකිනවා පාලක පක්ෂයේ ජනාධිපති අගමැති හැරෙන්නට මුළු රටම බොහෝම කැළඹිල්ලට පත් වී ඇති බව. අපි මතක් කරන්නට කැමතියි එක කාරණාවක් කිසිවෙක්ට දිනන්නට බැහැ කියපු ලෝකයේ තිබෙන රුදුරු තම ත්‍රස්තවාදය මානුෂීය මෙහෙයුම ලෙසින් හැඳින්වූ ඉතාම ගෞරවනීය සටනකින් පසුව  පරාජය කළ රාජ්‍ය නායකයා තවමත් ජීවතුන් අතර. ඒ නිසා විජයකලා කියනවනම් නැවතත් කොටි නැගිටින්නට වශ්‍යයි කියලා අපි ඈට මතක් කරනවා දෙවෙනි නන්දිකඩාල් කලපුව හදන්නත් අපට පුළුවන්.  මොකද පළමුවෙනි නන්දිකඩාල් හදපු  හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් අදටත් ජීවතුන් අතර,  ඒ වගේම එම යුද්ධයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කරපු ගෝඨාභය රාජපක්ෂ  මැතිතුමා ජීවතුන් අතර.  එම නිසා  දෙවන නන්දිකඩාල් කලපුව  පළමු නන්දිකඩාල් කළපුව වඩා විශාල බව අපි ඒ කොටි දෙනට මතක් කරනවා.

පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර, සංස්කෘතික කටයුතු ලේකම් උපුල් කෝනාර සහ නීති ලේකම් රෝහණ තල්පාවිල යන මහත්වරුන්ද මෙම අවස්ථාව සඳහා සහභාගී විය.

– අරවින්ද අතුකෝරල

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 13674
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 48129
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 76460
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 157900
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 616528
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 16386121
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16309961
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13705647
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13642952
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13535556
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'