Logo

ඇමතිධූරයෙන් පමණක් අස්වී විජයකලා ෂේප්වෙයි



ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. කෙසේ වෙතත් මන්ත‍්‍රී ධුරයේ දිගටම රැදී සිටීමටද ඇය තීරණය කර ඇත.

ඊයේ පස්වරුවේ අගමැතිවරයා සමග පැවති දීර්ඝ සාකච්චාවේදී ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි ඇයට දැනුම් දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ඇය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්‍ෂණ අවසන් වන තෙක් ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දන්වා ඇතැයිද සදහන්ය.

මේ අනුව ඇමති ධුරයෙන් ඇය ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවත් තව දුරටත් මන්ත‍්‍රී ධුරයේ කටයුතු කරන බවත් ඇය සදහන් කරයි.

කෙසේ වෙතත් ධුරයෙන් ඉල්ලා අස්වීමට ඇය දැඩි අකමැත්තෙන් පසු වූ බවද ඇයට සමීප ආරංචි මාර්ග කියා සිටී.

නැවත වතාවක් එල්.ටී.ටී.ඊ සංවිධානව පැමිණිය යුතු බවත් තම එකම අරමුණ එම සංවිධානය නැවත ඇති කිරීම බවටත් තැබිනට් ඇමතිවරුන්ගේද සහභාගීත්වයෙන් යාපනයේදී පැවති රාජ්‍ය උත්සවයකදී ප‍්‍රකාශ කලාය.

පක්‍ෂ විපක්‍ෂ මැති ඇමතිවරුන් මෙන්න සාමාන්‍ය සමාජයෙන්ද අදාල ප‍්‍රකාශය සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල විය.

ඇමතිවරිය ධුරයෙන් ඉවත් කරන්නැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බවටද වාර්තා පල විය.

ඇය එල්ල වන රාජ්‍ය විරෝධී චෝදනා ඔප්පු වුවහොත් ප‍්‍රජා අයිතිය අහෝසි කර වසර හතක් දක්වා සිර දඬුවම් නියම කල හැකි අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයද අහෝසි වෙයි.

 



දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 13674
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 48129
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 76451
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 157893
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 616482
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 16386046
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16309876
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13705589
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13642774
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13535503
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'