Logo

විදෙස් ඇමති පෙනී නොසිටින ලංකාව වෙනුවෙන් නෙස්බි සාමිවරයා ඉදිරියට



මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ආ යෝජනාව ඉවත් කර ගැනීමට අමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දිය යුතු බව  බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නේස්බි සාමිවරයා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද දෙරණ විසි හතර පැය නාලිකාවේ විකාශය වන "AT HYDE PARK " වැඩසටහනට ලන්ඩන් හිදී එක්වෙමින්.

එහිදී අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී  නේස්බි සාමි  මහතා,

"එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් යෝජනා කර ඇති ආකාරයට සිවිල් වැසියන් 40,000 ක් ඝාතනය වී නැහැ.එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇතැම් පුද්ගලයන් පවසන්නේ ඒ ගණන 100,000 ක් පමණ වන බවයි.නමුත් දත්ත වලට අනුව එම ගණන 5000ක් 6000ක් වනවා.

ශ්‍රී ලංකාව තුළ සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව ඒ කාලයේදීම මාව උනන්දු කෙරෙව්වා, ඔව් එය යුද්ධයක්.

නමුත් ඔය කියන විදිහේ වදහිංසාවන් සහ අනෙකුත් ඉහළ සීමාවන් දකින්නට නැහැ.ශ්‍රී ලංකාව ඔය ක්‍රියාකාරකම් වල යෙදෙන කාලයේදීම එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදයත් බෙහෝ මානව ක්‍රියාකාරකම් සිදු කළා. මම හිතන්නේ ඒක වැරදි දෙයක් කියලා.මම එක්සත් රාජධානියට සහ ඇමරිකා එක්සත් ජනපදයට ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කර ඇති යෝජනාව ඉවත් කර ගන්නැයි පවසනවා.හේතුව ශ්‍රී ලාංකිකයන් මෙයට සම්බන්ධ වී නැහැ.

මම ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයෙන් අවස්ථා තුනකදී ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තුන්දෙනෙකුගෙන් අහලා බැලුවා මේ කියන වද හිංසා ගැන සාක්ෂි දැකලා තියෙනව ද කියලා. මොකද ඒ අය ලංකාවේ හැමතැනම ඉන්නවා. නමුත් ඒ අවස්ථා තුනේදිම ලැබුණු පිළිතුර තමයි 'නැහැ' කියන එක. ඔවුන් කිව්වේ අනවශ්‍ය මෙහෙයවීම් ලංකාවේ තරමක්දුරට තිබුණත් ඔය කියන විදිහේ වද හිංසා දකින්නට නැහැ කියලයි. "

දැන්වීම්
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 158
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 12090
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 258531
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 262926
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 263816
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15551455
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15413768
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12885206
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 12829295
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 12678183
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'