Logo

ලෝක කුසලාන පාපන්දු කිරුළ ප්‍රංශයට



ප්‍රංශ කණ්ඩායම 2018 ලෝක කුසලාන පාපන්දු කිරුළ මීට ටික වේලාවකට පෙර හිමි කර ගැනීමට සමත් විය.

ඒ අවසන් තරගයේදී ක්‍රොඒෂියාව කණ්ඩායම ගෝල 4 ට 2 ක් ලෙස පරාජයට පත් කරමිනි.

ජයග්‍රාහී ප්‍රංශ කණ්ඩායම පළමු අර්ධය ගෝල 2 ට 1 ක් ලෙස පෙරමුණ ගත්තේ ය.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය රුසියාවේ මොස්කව්හී ලුස්නිකි ක්‍රීඩාංගණයේදී පැවැත් විණ.

තරගයේ 18 වැනි මිනිත්තුවේදී ප්‍රංශ ක්‍රීඩක ඇන්ටොයින් ග්‍රීස්මන් ක්‍රොඒෂියා දැල වෙත එල්ල කළ නිදහස් පහර වැලැක්වීමට ගිය ක්‍රොඒෂියා ක්‍රීඩකයෙකුගේ අත් වැරදීමෙන් ප්‍රංශයට පළමු ගෝලය හිමි විය.

ක්‍රොඒෂියා ක්‍රීඩක ඉවාන් පෙරිසිච් පළමු අර්ධයේ 28 වැනි මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කළේ ය.

ප්‍රංශ ක්‍රීඩක ඇන්ටොයින් තරගයේ 38 වැනි මිනිත්තුවේදී දඩුවම් පහරක් සාර්ථක කරගනිමින් තවත් ගෝලයක් වාර්තා කිරීමට සමත් විය.

තියුණු මුහුණුවරක් ගත් තරගයේ පළමු අර්ධය අවසන් වුණේ ප්‍රංශය ගෝල 2 ට 1 ක් ලෙස පෙරමුණ ගෙන සිටියදීයී.

රුසියාවේ සත්කාරකත්වයෙන් මෙවර 21 වැනි වරට පැවැත්වුණු ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී, ශ්‍රේණිගත කිරීම් හි ඉදිරියෙන් සිටි ප්‍රබල කණ්ඩායම් රැසකට ඉවත් වීමට සිදුවිය.

ලොව කුඩා රාජ්‍යක් වන ක්‍රොයේෂියාව ලෝක සිතියමේ දිදුලන රටක් බවට පත් කළ ලූකා මොඩ්රික් ප්‍රමුඛ පාපන්දු කණ්ඩායම පිළිවෙලින් නයිජීරියාව, ආජෙන්ටිනාව සහ අයිස්ලන්තය ඩෙන්මාර්කය හා එංගලන්තය පරාජය කළේ ය.

1998 වසරේදී පාපන්දු ලෝක කුසලානය දීනූ ප්‍රංශයට එදා අවසන් පූර්ව වටයේදී මුණ ගැසුණු ක්‍රොඒශියාව අද 2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේදී යළි හමු වීම සුවිශේෂයි.

2006 වසරේ ඉතාලිය හමුවේ පරාජය වෙමින්, ලෝක පාපන්දු අනුශූරයින් වු 1998 වසරේ ලෝක ශූරයින් වු ප්‍රංශය මෙවර තුන් වැනි වරටත් අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේ ය.

ප්‍රංශය සිය ජයග්‍රාහී ගමන් මගේදී ඔස්ට්‍රේලියාව, පේරු රාජ්‍ය,
ආජෙන්ටිනාව, උරුගුවේ සහ බෙල්ජියමට කණ්ඩායම් පරාජයට පත් කළේ ය.

කණ්ඩායම් 32 ක්, කාණ්ඩ 8 කින් තරග වැදුණු 21 වන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කිරුළ හිමි කර ගැනීමට ප්‍රබල ප්‍රංශයට හැකි විය.

දැන්වීම්
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 4723
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 34891
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 313721
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 348044
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 607763
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 16008481
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15893299
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13341011
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13281714
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13150116
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'