Logo

ලක් ඉතිහාසය අලූතින් ලියූ හසලක ගාමිණී විරුවාට අති උත්කර්ෂවත් ගුණ සැමරුමක්



1991 ජුලි 13 වෙනිදා අලිමංකඩ ඉදිරි ආරක්‍ෂක වළල්ල කඩා යුධ හමුදා කඳවුර දෙසට පැමිණි ත්‍රස්ථවාදින්ගේ බුල්ඩෝසරයට හසලක කෝප්‍රල් ගාමිණි වයි ජි පි ඩබ්ලිවි රණවිරුවා විසින් බෝම්බ සහිතව පැන බුල්ඩෝසරය විනාශ කරමින් අලිමංකඩ කඳවුරේ රාජකාරි නියුතු අනෙකුත් සහෝදර සෙබළුන්ගේ ජිවිත දහස් ගණනක්  බේරා දිවි දුන් රණවිරුගේ ගුණානුස්මරණය ඊයේ (14) සවස අලිමංකඩ යුද හමුදා කඳවුරෙදී උත්සවාකාරයෙන් පැවත්වුණි.

හසලක කෝප්‍රල් ගාමිණි කුලරත්න වයි ජි පි ඩබ්ලිවි අභිත රණවිරුවාගේ 27 වැනි ගුණනුස්මරන උත්සවය  ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ මගපෙන්වීම යටතේ 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දීප්ති ජයතිලකගේ  අධික්ෂණය  මත 662 බළසේනාධිපති කර්නල් චම්පික රණසිංහ විසින් මෙම රණවිරු ගුණ සැමරුම් උත්සවය අති උත්කර්ෂවත් අන්දමින්  සංවිධානය කරන ලිදි.

අලිමංකඩ ස්ථාපිත හසලක කෝප්‍රල් ගාමිණි කුලරත්න ස්මාරකය අභියසදි මහා සංඝ රත්නය 20 නමක් වැඩම කරවා සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක්ද පවත්වා පසුදා උදෑසන හීල් දානය සහ පිරිකර පූජාකිරිමෙන් පසුව ගුණ සැමරුම් උත්සවය සඳහා පැමිණි සියළු දෙනා හසලක ගාමිණි කුලරත්න පිළිරුව අභයසදි අභීත රණවිරුවාගේ ආත්මයට සෙත්පතා පුෂ්පෝපහාර දක්වා ගුණානුස්මරණ උත්සවය පවත්වන ලදි.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන සහභාගිවු අතර, අභීත රණවිරුවාගේ මෑණියන්වු එස් ජි ජුලියට් මාතාව ඇතුළු සහෝදර සහෝදරියන් සහ ඥාතින්ද සේනාංකාධිපති වරුන්, ඉදිරි නඩත්තු පෙදෙස (කිලිනොච්චි) ආඥාපති, බළසේනාධිපති වරුන් ජ්‍යෙෂ්ඨ නිළධාරින්/ නිළධාරින් සහ ඒකක අණදෙන නිළධාරින් ඇතුළු සෙසුනිළයින් රණවිරු ගුණ සැමරුම් උත්සව අවස්ථාවට සහභාගි වන ලදි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 49297
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 105019
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 140814
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 260566
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 912667
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 18101872
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 17166042
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 14039390
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13974932
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13863588
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'