Logo

ලෝක දේශපාලනයේ තවත් තීරණාත්මක හමුවක්



ලෝක දේශපාලනයේ තවත් තීරණාත්මක හමුවක් අද පැවැත්විය.

ඒ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා රුසියානු ජනාධීපති ව්ලැදිමීර් පුටින් අතරයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් අතර ප්‍රථම නිල සාකච්ජාව පැවැත්වුණේ, ෆින්ලන්තයේ හෙල්සින්කි හි ජනාධිපති මැදුරේදී ය.

පැයක පමණ කාලයක් පැවති මෙම සාකච්ඡාවේදී වෙළඳාම, යුද කටයුතු, න්‍යෂ්ටික අවි සහ චීනය පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් වේ.

දෙරටේ නායකයන් මෙලෙස එකිනෙකා හමුවන්නේ සයිබර් ප්‍රහාර එල්ල කිරීමට සම්බන්ධ බවට චෝදනා ලැබූ රුසියානු හමුදා බුද්ධි අංශ නිලධාරීන් 12 දෙනෙකුට එරෙහිව අමෙරිකාව නඩු පවරා ඇති පසුබිමකදී ය .

සාකච්ඡාවෙන් පසු රාජ්‍ය නායකයින් දෙදෙනා රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් ද සමග දිවා ආහාරයට ද එක්විය.

අනතුරුව ඩොනල්ඩ් ට්‍රම්ප් හා වැලැදිමීර් පූටින් ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්විය.

උතුරු කොරියානු නායක කිම් ජෝන් අන් සමග සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් ජනපති පුටින් අමෙරිකානු ජනපතිවරයාට මෙහිදි සිය ප්‍රශංසාව පල කළේය.

ජනපති පුටින් මෙහිදී කියා සිටියේ න්‍යෂ්ටික බලවතුන් ලෙස ජාත්‍යන්තර ආරක්ෂාව සම්බන්ධයෙන් ඔවුනට විශේෂ වගකීමක් පැවරී ඇති බව ය.

න්‍යෂ්ටික අවිහරණය හා නිරායුධකරණය සම්බන්ධයෙන් අමෙරිකාව හා රුසියාව එක්ව කටයුතු කිරීම අවශ්‍ය බව රුසියානු ජනපතිවරයා ප්‍රකාශ කළේය.

මේ අතර අමෙරිකාවේ මැතිවරණ ව්‍යාපාරයට රුසියාව මැදිහත් වූ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ද රුසියානු ජනපතිවරයා මෙහිදී අදහස් පල කළේය.

මෙහිදී රුසියානු ජනාධිපතිවරයා පැවසුවේ රුසියාව කෙදිනක හෝ බාහිර රටක මැතිවරණ සඳහා මැදිහත් වීමක් නොකළ බවත් ඉදිරියේදීත් නොකරන බව ය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්

දෙරටේ සබඳතා බිඳවැටීමට හේතුව ලෙස අමෙරිකාව හා රුසියාව දෙරටම වගකිව යුතුයි. මම හිතනවා අමෙරිකාව මෝඩ වෙලා තියෙනවා. මෙම සාකච්ඡාව සිදුවිය යුතුව තිබුණේ ගොඩක් කාලෙකට පෙර. අපි සියලු දෙනාම වරද භාර ගන්න ඕනා. මම හිතනවා දැන් අමෙරිකාව රුසියාව සමග ඉදිරියට පය තබලා තියෙනවා කියලා

මෙහිදි මාධ්‍යවේදියෙකු ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපතිවරයාව තරගකාරයෙකු ලෙස හඳුන්වාදීම පිළිබදව ප්‍රශ්ණ කළේය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්

මම ඔහුව තරගකරුවෙකු ලෙස හැඳින්වුවා. ඔහු අනිවාර්යෙන්ම හොද තරඟකරුවෙක්. මම හිතනවා තරඟකාරයෙකු ලෙස ඔහුව හැඳින්විම මම ඔහු ගැන කරන වර්ණනාවක්.

දැන්වීම්
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 5018
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 27570
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 276558
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 281710
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 281974
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15588348
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15450762
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12919919
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 12865993
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 12714258
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'