Logo

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රධාන ප්‍රේක්ෂකාගාරය අනවසර ඉදිකිරීමක් ලෙස කඩා දැමීමට අවසර



ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අවට අනවසර ගොඩනැගිලි ඉවත් කිරීම කෙරෙහි අවධානය යොමුව තිබේ.

ක්‍රීඩාංගණයේ ප්‍රධාන ප්‍රේක්ෂකාගාරය ද ඊට ඇතුළත් වීම විශේෂත්වයකි.

යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇති ගාලු කොටු පවුර රැක ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළේය.

ඊට අදාළ පළමු සාකච්ඡාව පසුගියදා අරලියගහ මන්දිරයේ පැවැත්වුණේ අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන, සාගල රත්නායක, ෆයිසර් මුස්තාපා, විජයදාස රාජපක්ෂ යන අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ මහතාගේ සහභාගිත්වයෙනි.

එහි දිගුවක් ලෙස තවත් සාකච්ඡාවක් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් අද සෙත්සිරිපායේදී පැවැත්විය.

එහිදි තීරණය වී ඇත්තේ ලබන වසරේ දෙසැම්බර් මස 01 වැනිදාට පෙර අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කළ යුතු බවටයි.

එම ඉවත් කළ යුතු ගොඩනැගිලි ලැයිස්තුවට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේ පරිපාලන ගොඩනැගිල්ල හා ප්‍රධාන ප්‍රේක්ෂකාගාරයද ඇතුළත්ව තිබෙන බවට ගාල්ල ක්‍රීඩාංගනයේ පාලනාධිකාරිය පවසයි.

දැන්වීම්
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 35503
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 60403
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 134517
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 556948
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 599125
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 16316654
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16236051
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13634364
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13575454
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13463424
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'