Logo

ඇමති තෙවරප්පෙරුමගෙන් නැවතත් යහපාලනයට දොස් මුරයක්



වත්මන් ආණ්ඩුව නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී ඇතැයි වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා චෝදනා කරයි.

රටේ නීතිය ගැන කිසිදු පැහැදීමක් තමාට නොමැති බවත්, පොලීසියට අද වන විට රට පාලනය කළ නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී චෝදනා කර සිටියේය.

හම්බන්තොට ප්‍රදේශයේ ක්‍රියාත්මක කරගෙන යනු ලබන නීති විරෝධී දඩමස් ජාවාරමක් වැටලීමට ඊයේ(16) සහභාගී වූ අවස්ථාවේ මාධ්‍යයට අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතයේ සිටින ගෝනුන්,මුවන්,ඉත්තෑවන් සහ වල් ඌරන් වැනි සතුන් ජලය පානය කිරීම සඳහා පැමිණෙන දිවුලපෑලැස්ස වැව ආශ්‍රිත දිය කඩිතිවලට වස මිශ්‍ර කර වන සතුන් ඝාතනය කරන බවට නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාට තොරතුරක් ලැබී තිබුණි.

ඊයේ අලුයම නියෝජ්‍ය අමාත්‍යවරයා වනජීවී නිලධාරීන්ද සමඟ අදාළ ප්‍රෙද්ශයේ වැටලීමක් සිදු කළේ ඒ අනුවයි.

අදාළ දිය කඩිති ආශ්‍රිතව වස මිශ්‍රිත ජලය පානය කර මියගොස් සිටින වන සතුන්ගේ සිරුරු රැගෙන යාම සඳහා ඒ අවස්ථාවේ යතුරුපැදියකින් පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ තිබුණත් නිලධාරීන් දුටු විගස ඔවුන් පැමිණි යතුරු පැදියද එහි දමා පළාගොස් තිබුණි.

සැකකරුවන් දමා ගිය යතුරුපැදියේ තොරතුරු අනුව යමින් අමාත්‍යවරයා පොලීසියද සමඟ අම්බලන්තොට පහළ බැරගම ප්‍රදේශයේ පිහිටි ඉන් එක් සැකකරුවෙකුගේ නිවසට ඊයේ පැමිණියත් ඒ වන විටත් ඔහු නිවසේ නොසිටි බවද වාර්තා විය.

මේ සම්බන්ධයෙන් හම්බන්තොට වනජීවී කාර්යාලය හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමටද මේ වන විට පියවර ගෙන තිබේ.



දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19715826
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18929871
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15073055
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14967709
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14845800
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'