Logo

සිංගප්පූරුව සමඟ ශ්‍රමිකයන් හුවමාරු කරගන්නවා-අගමැති



සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම හරහා ශ්‍රමිකයින් හුවමාරු කරගැනීමේදී නිසි ක්‍රමවේදයක් අනුගමනය කිරීමට දෙපාර්ශවයම එකඟ වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද(19) අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදීය. 

කඩිනම් වර්ධනයක් සහ ඉහළ ආදායම් සහිත රැකියා ලබා ගැනීමේ පස් අවුරුදු ජාතික උපාය මාර්ගිය සැලැස්ම අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. 

මෙම සැලැස්ම සඳහා තාක්ෂණික සහාය ලබාදී තිබෙන්නේ යුරෝපා සංගමයයි.

එහිදී වැඩිදුරත් අදහස් දැක්වු අග්‍රාමත්‍යවරයා

“මම කර්මාන්ත පිළිබඳ අමාත්‍යවරයා වෙලා ඉද්දී වියට්නාමයේ කර්මාන්ත පිළිබඳ අමාත්‍යවරයා ලංකාවට පැමිණියා. ඔහු අපෙන් ඇහුවා කොහොමද අපනයන කටයුතු කරන්නේ කියලා. අපි ඔහුව ආයෝජන වෙළෙඳ කලාපයේ සංචාරයකට එක්ක ගෙන ගිහින් අපේ අද්දැකීම් ඔහුට කියලා දුන්නා. දැන් වියට්නාමය කොහොද ඉන්නේ අපි කොහොද ඉන්නේ. 

බංග්ලාදේශය තමයි දකුණු ආසියාවේ අවසානයට විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නේ. අද බංග්ලාදේශය කොහෙද ඉන්නේ. අපි කොහෙද ඉන්‍නේ. අපි ජී.එස්.පී. සහනය නැවත ලබා ගත්තා. එය එක්තරා තෝරාගත්ත භාණ්ඩ වලට පමණක්  නොවේ. 

ගොඩක් භාණ්ඩ වලට ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. සිංගප්පූරුව සමග අපි නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් කළා. එහිදී අපි දෙගොල්ලොම හිතුමතේට ශ්‍රමිකයින් හුවමාරු කරගැනීමට එකඟ වුණේ නෑ. දැන් චීනය නිදහස් වෙළෙඳ ගිවිසුම ගැන අපිත් එක්ක සාකච්ඡා කරනවා. අපි කැමතියි එය වසර 10 කට ව්‍යාප්ත කරන්න. 

අපි ඉන්දියාව සමග නිදහස් වෙළෙඳ ගිවිසුම හරහා ප්‍රාග්ධනය ප්‍රකර්ශණය කිරීමට බලාපොරොත්තු වනවා. සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් පස්සේ කවුද ලංකා‍වට එන්නේ ? තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව. අපි මුළු බෙංගාල බොක්කම ආවරණය කරලා. අපිට අලුත් වෙළෙඳපොළක් ලැබෙනවා. මම කියන්න කැමතියි ලංකාව තුළ කිසිම ව්‍යාපාරයකට බලපෑමක් එල්ල වෙනවා දකින්න අපිට අවශ්‍ය නැහැ.“ 
 

දැන්වීම්
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 1029
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 9368
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 242222
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 276879
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 534243
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15925659
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15798252
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13259365
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13205443
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13054714
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'