Logo

වලිගෙත් එක්ක සෙල්ලම් කරන්න එන්න එපා-ඉරාන සිංහයා ඇමරිකාවට ගොරවයි



ඉරානය යළිත් වරක් අමෙරිකාවට අනතුරු ඇඟවිමක් නිකුත් කර තිබෙනවා. 

ඒ අනුව ඉරාන ජනාධිපති හසන් රොහානි පවසන්නේ සිංහයාගේ වලිිගය සමග සෙල්ලම් නොකර සිටීමට අමෙරිකාව වගබලා ගත යුතු බවයි.

ඉරානය යනු සාමයේ මූලාරම්භය මෙන්ම සියලූ යුද්ධයන්ගේ ආරම්භ බවද අමෙරිකාව දැන ගත යුතු බවයි ජනාධිපති රොහානි පැවසුවේ. 

ඉරානයට එරෙහිව අමෙරිකාවෙන් දිගින් දිගටම සම්බාධක පැනවූ පසුබිමක් තුළයි ජනාධිපති හසන් රොහානි මෙම අනතුරු ඇගවීම නිකුත් කළේ.

එසේම ලෝක බලවතුන් සහ ඉරානය එළඹි න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වීමට අමෙරිකාව ගත් තීරණයද ඉරාන නායකයාගේ කෝපයට හේතුවී තිබෙනවා. ඒ අනුව හසන් රොහානි චෝදනා කරන්නේ ඉරානය අස්ථාවර කිරීමට අමෙරිකාව පිඹුරුපත් සකසමින් සිටින බවයි.

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19648260
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18867993
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15034378
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14949984
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14822493
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'