Logo
2019 ජූලි මස 22 වැනි සඳුදා

ඒකාබද්ධයේ අළුයට ගිණී එළියට



ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විකටයෙක් බවත් ඔහු ගැන කතා කිරීම පලකට නැති බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කර ඇත.

ඉරිදා දිවයින සමග සාකච්චාවකට එක්වෙමින් මන්ත‍්‍රිවරයා මෙම අදහස් පල කර ඇත.

මීට ප‍්‍රතිචාර දක්වමින් කුමාර වෙල්ගම මහතා කළුතර පැවති ජනහමුවක් අමතමින් ඊට දැඩි ප‍්‍රතිචාර දැක්වීය.

ශ‍්‍රීලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු යයි මධ්‍යම කාරක සභාවේදී කියන්නට අලුත්ගමගේ මහතාට කොන්දක් නොතිබූ බවත් නුගේගොඩ පළමු වේදිකාවට නගින්නටද කොන්දක් නොතිබූ බවත් වෙල්ගම මහතා සදහන් කලේය.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'