Logo
2019 ජූලි මස 22 වැනි සඳුදා

ඥානසාර හිමිගේ වකුගඩුව තුල විශාල ගලක්



බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අභියාචනාධිකරණය විසින් පනවන ලද වසර 06කින් ගෙවී යන 19 වසරක සිර දඬුවම බන්ධනාගාර අධිකාරීවරයාට දැනුම් දීමට නියමිතය.

මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව ඥාණසාර හිමි වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විසින් කරන ලද දැනුම් දීම පිලිගත් අභියාචනාධිකරණය ඒ සදහා එළැඹෙන 29 වැනි දින කරුණු දක්වන ලෙස නියෝග කලේය.

එම අභියාචනයේ තීන්දුව ලැබෙන තෙක් ඥානසාර හිමි බන්ධනාගාරයට ගෙන යාම අත්හිටුවන ලෙස කරන ලද ඉල්ලීම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

ඒ අනුව ඥාණසාර හිමියන් බන්ධනාගාර නිලදාරීන් යටතට පත් කිරීමට නියමිතය.

ඥාණසාර හිමියන් මේ වන විට ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසික ප‍්‍රතිකාර ලබමින් සිටින්නේ වකුගඩු හා මුත‍්‍රාශය ආශ‍්‍රිතව ඇතිව තිබෙන රෝගී තත්වයක් නිසාය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'