Logo

කතානායකට ඒකාබද්ධයෙන් කුණු බැණුම්



කතානායකවරයා විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයාගේ මතය විමසීම හොරාගේ අම්මගෙන් පේන අහනවා වැනි වැඩක් යැයි ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

සන්ධාන ලේකම්වරයාගේ මතය විමසීමට කතානායකවරයාට කිසිදු අයිතියක් නැති බව පැවසු රණතුංග මහතා පක්ෂ ලේකම්වරුන් සමඟ ගනුදෙනුවක් ඇත්තේ මැතිවරණ කොමසාරිස්වරයාට මිස කතානායකවරයාට නොවන බවත් පෙන්වා දුන්නේය.

ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ප්‍රකාශ කළේ මිනුවන්ගොඩ, දෙවොලපොළ ප්‍රදේශයේ පැවැති ජනහමුවකට සහභාගී වෙමිනි. මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.

2015 අගෝස්තු මාසයේ පැවැති මහ මැතිවරණයෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වෙලා ජාතික ආණ්ඩුවක් හදන්න ගිවිසුමක් ගැහුවා. ඒ ගහපු ගිවිසුමේ වලංගු කාලය අවුරුදු දෙකයි. ගිය අවුරුද්දේ සැප්තැම්බර් වෙන කොට ඒ ගිවිසුමේ කාලය අවසන් වුණා. තවමත් ඒ ගිවිසුම දීර්ඝ කරලා හෝ අලුත් ගිවිසුමක් ගහලා හෝ නැහැ.

එහෙම බලන කොට දැන් තියෙන්නේ නීති විරෝධී ආණ්ඩුවක්. මේ ආණ්ඩුව ගන්න සියලු තීන්දු නීතිවිරෝධියි. 19 වැනි සංශෝධනයේ පැහැදිලිව සඳහන් වෙනවා ඇමැති මණ්ඩලය 30කට සීමා විය යුතුයි කියලා. ඒ සීමාව පන්නන්න පුළුවන් වෙන්නේ ජාතික ආණ්ඩුවක් තියෙන කොට විතරයි. ආණ්ඩුව ජාතික ආණ්ඩු මරාලයක් අටවා ගත්තේ මේ නීතියෙන් රිංගන්නයි.

 

හැබැයි දැන් පක්ෂ දෙක නීත්‍යානුකූලව ගිවිසුමකට එළැඹිලා නැති පසුබිමක ඇමැති ධුර 30කට වඩා පත් කිරීමත් නීතිවිරෝධියි. ඒ හින්දා ජනාධිපතිවරයා නායකත්වය දරන මේ ආණ්ඩුව රටේ නීතියට මෙන්ම ජනමතයටත් පටහැණි ආණ්ඩුවක්. ජනාධිපතිවරයා නීතියට ගරු කරනවා නම් වහාම මේ ආණ්ඩුව විසිරුවා හැරිය යුතුයි.

ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ඉල්ලා සිටින්නේ 2015 ඉඳලයි. ආණ්ඩුව තමන්ට හීලෑ පක්ෂ දෙකක් වන දෙමළ සන්ධානයට සහ ජනතා විමුක්ති පෙරමුණට දීලා තියෙන්නේ නිල වශයෙන් ඒකාබද්ධයට හිමි විපක්ෂ නායක සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුර දෙකයි.

ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය තීන්දු කරන්න අයිතියක් නැහැ. ඒ අයිතිය තියෙන්නේ කතානායකවරයාටයි. දැන් ඉන්නේ හීන් බබා සීයා වගේ බොරු බේගල් ඇද බාන කතානායකවරයෙක්. කරු ජයසූරිය මහත්තයා මේ විනාශ කරමින් යන්නේ එතුමාගේ ප්‍රතිරූපයටත් වඩා කතානායක කියන තනතුරේ ප්‍රතිරූපයයි.

එතුමාට දේශපාලන වශයෙන් අනාගතයක් නැති හින්දා මේ විදියට අත්තනෝමතිකව කටයුතු කරන එක වැරැදියි. අද කතානායක කියන්නේ අගමැතිගේ අල්ලේ නැටවෙන රූකඩයක්. ඉතිහාසයේ පත්වෙච්ච පක්ෂපාතීම සහ අසාර්ථකම කතානායකවරයා වශයෙන් කරු ජයසූරිය හඳුන්වා දෙන්න පුළුවන්.

කතානායකට කිසිම අයිතියක් නැහැ විපක්ෂ නායක ධුරය ගැන සන්ධානයේ මහලේකම්වරයාගේ මතය විමසන්න. ඒක හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්. පක්ෂ ලේකම්වරුන් එක්ක ගනුදෙනුව තියෙන්නේ මැතිවරණ කොමසාරිස්ට මිසක් කතානායකට නෙමෙයි. බල්ලගේ වැඩේ බුරුවා කරන්න ගියාම වෙන දේ තමයි අද පාර්ලිමේන්තුවේ වෙමින් තියෙන්නේ.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 70ක් නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයට කතානායක ධුරය හිමිවිය යුතුයි. ඒකේ විවාදයක් නැහැ. අපි දිගින් දිගටම විපක්ෂ නායක ධුරය වෙනුවෙන් සටන් කරනවා. සම්බන්ධන් අද බලෙන් වාඩි වෙලා ඉන්නේ අපිට අයිති විපක්ෂ නායක පුටුවෙයි. සම්බන්ධන් ලැජ්ජා වෙන්න ඕනේ අනුන්ගේ පුටුවක බලෙන් වාඩිවෙලා ඉන්න එක ගැන.

මහින්ද අමරවීරට ඒක තීන්දු කරන්න අයිතියක් නැහැ. සන්ධානයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ ඉන්න හින්දා ඒකාබද්ධයට විපක්ෂ නායකකම දෙන්න බැරි බව කියනවා. මේක මහ ගොන් තර්කයක්. එහෙම නම් කොහොමද 2015 දී නිමල් සිරිපාලට විපක්ෂ නායකකම දුන්නේ? එදත් සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවේ හිටියනේ?

ආණ්ඩුව දැන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. එක පැත්තකින් ඡන්ද කල්දාලා ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරනවා. අනෙක් පැත්තෙන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය බල්ලට දානවා. මේකද 2015 දී ජනතාවට දෙනවයි කිව්ව තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය? මේකද දෙනවයි කිව්ව යහපාලනය කියලා අපි අහනවා.

මොන සෙල්ලම් දැම්මත් තව ඉතුරු වෙලා තියෙන්නේ අවුරුද්දයි. මීළග පළාත් සභා මැතිවරණයෙන් ජයග්‍රහණය කරලා ඒ ජයග්‍රාහී පිම්මෙන් 2019 ජනාධිපතිවරණය දිනන්න අපි සූදානම්. අපිට ආණ්ඩුවේ කිසිම කෙනෙක් එක්ක තරගයක් නැහැ. මෛත්‍රි රනිල් ජෝඩුවම එකට තියලා පරද්දන්න අපි සූදානම්.

– ප‍්‍රදීප් අනුර කුමාර

 

Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 203349
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 207179
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 207482
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 247566

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 361735
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15234761
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15089368
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12575969
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 12515616
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 12366068
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'