Logo

යහපාලන නොසැලකිල්ලෙන්-දුම්රිය නවතී-උසස් පෙළ විභාගයට දැඩි බාධා



වැටුප් විෂමතාවට විසඳුම් ලබානොදීමට විරෝධය පළ කරමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් මේ වන විට දිවයින පුරා දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම අඩාල වී තිබේ.

ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ, මගීන්ට සිදුව ඇති අපහසුතා සැලකිල්ලට ගෙන අමතර බස් රථ සේවයේ යොදවා ඇති බවයි. ‍

වැටුප් විෂමතාවට විසදුම් ලබා නොදීමට විරෝධය පළ කරමින් දුම්රිය රියදුරු, නියාමක ඇතුළු වෘත්තිය සමිති කිහිපයක් ඊයේ(08) පස්වරු 3.00 සිට හදීසි වැඩවර්ජනයක් ආරම්භ කළේ පූර්ව දැනුම්දීමකින් තොරවයි.

මේ හේතුවෙන් පීඩාවට පත් මගී ජනතාව වර්ජනයේ නිරත දුම්රිය සේවකයින්ට විරෝධය පළ කළේය.

ඊයේ රාත්‍රියේ කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් හා යුද හමුදා ආරක්ෂාව යෙදීවීමටද පියවර ගැණුනු අතර මගී ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ ආරක්ෂක අංශ විසින් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙවැනි පසුබිමක් තුළ කොළඹ කොටුවේ සිට මාතර දක්වා ඊයේ රාත්‍රී දුම්රියක් ධාවනය කෙරුණේ පොලිස් නිලධාරීන්ගේද ආරක්ෂාව මධ්‍යයේය.

එමෙන්ම පීඩාවට පත් ඇතැම් මගීන් සිය ගම් බිම් කරා යෑමට නොහැකි වීම හේතුවෙන් දුම්රිය මැදිරි තුළම ඊයේ රාත්‍රිය පහන් කර තිබුණි.

මේ අතර දුම්රිය වර්ජනය හේතුවෙන් පීඩාවට පත් මගී ජනතාව ඊයේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දේපළවලට හානි කර තිබූ අයුරු අද පෙරවරුවේ දක්නට ලැබිණි.

මේ අතර අද පෙරවරුවේද මගී ජනතාව සුපුරුදු ලෙස දුම්රිය ස්ථාන වෙත පැමිණියද දිවයින පුරා දුම්රිය ධාවනය අඩාල වී තිබුණි.

මෙම වර්ජනය හේතුවෙන් දිවයින පැමිණ සිටින විදෙස් සංචාරකයින්ද මෙලෙස අපහසුතාවයට පත්ව සිටියේය.

මේ අතර දුම්රිය වර්ජනයෙන් පීඩාවට පත් මගී ජනතාව වෙනුවෙන් ලංගම බස් 6000ක් යොදවා ඇති බවත්, 011-7 50 55 55 යන දුරකථන අංකය ඔස්සේ බස් රථ ධාවන අවශ්‍යතාවන් දැන්විය හැකි බවත් ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරයි.
 
මේ අතර අද පැවැත්වෙන උසස් පෙළ විභාගය වෙනුවෙන් විශේෂ බස් රථ සේවයක් ක්‍රියාත්මක කළ බවත්, වර්ජනය හේතුවෙන් මාර්ග බලපත්‍ර නොමැතිව බස් රථ ධාවනය කළ හැකි බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පැවසුවේය.

එමෙන්ම දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා විශ්‍රාමලත් දුම්රිය සේවකයින්ට යළි සේවයට වාර්තා කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව දන්වා තිබේ.

මේ අතර සිය ගැටළු සඳහා විසදුම් ලබා තෙක් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති පෙන්වා දෙයි.

මේ අතර රජයට සහය දක්වන දුම්රිය වෘත්තිය සමිති චෝදනා කරන්නේ දේශපාලන මැදිහත් වීම් හේතුවෙන් දුම්රිය වෘත්තීය සමිති ගැටළු උග්‍ර වී ඇති බවයි.
 



දැන්වීම්
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 4723
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 34921
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 313793
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 348102
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 607781
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 16008532
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15893374
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13341061
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13281755
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13150216
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'