Logo

යශෝධරා



යශෝධරා 
-----------
මහාචාර්ය සුනිල් අරියරත්න(Sunil Ariyaratne) මහතාගේ අධ්‍යක්ෂණයක් වූ යශෝධරා චිත්‍රපටය මට තාම නරඹන්න නොහැකි වුණා. එනිසයි ඒ ගැන කතා කිරීමත් මග ඇරුණේ. නමුත් පසුගිය දා (අගෝස්තු 03 ) පළකර තිබුණු පුවත්පත් දැන්වීමකට අනුව දිවයිනේ සිනමා ශාලා 75 ක් තුළ දින 100 ක් ප්‍රක්ෂේපණ වූ මෙම චිත්‍රපටය ලක්ෂ 10 ක ප්‍රේක්ෂක ජනතාවක් නරඹමින් දැනට ලක්ෂ දෙදාහක (2000 ක ) දැවැන්ත අදායමක් උපදවාගෙන තිබෙනවා. චිත්‍රපටයක නිෂ්පාදන වියදමවත් උපයාගත නොහැකි සිනමා විදග්ධයන්ට මේ ප්‍රවෘත්තිය මානුෂික ඊර්ෂ්‍යාව දනවන්නක් වුවත් අපට නම් සතුට දනවන්නක්. මෙරට සිනමා කර්මාන්තය අනතුරේ යැයි නිතර මැසිවිලි නගමින් අන්තර් ජාතියකට අමතන විශ්වීය පඩියන්ට මේ තුළ සිතන්නට යමක් තිබේ.

මෙම චිත්‍රපටය යුගයට සාපේක්ෂව වාර්තාගත අදායම් ලබමින් මිලියනයක් ප්‍රේක්ෂකයන් සිනමා ශාලා තුළට කැදවුයේ කොළොඹ කේන්ද්‍ර කරගත් විවිධාකාරයේ සංවාද, කථිකා, සම්මන්ත්‍රණ ආදිය සංවිධානය කොට නොවේ. නුතන සිනමාවේ කෝදුව අයිතිකරගෙන තිබෙන වරළත් විචාරකයන්ගේ ඇගයීම් ලිපි පුවත්පත්වල පළ කරගෙනද නොවේ. මෙරට සංස්කෘතික කතිකාව දියුණු කිරීමට කියා කාටත් නොතේරෙන බසින් ලියන කලා විචාරකයන්ද, අන්තර් ජාතියකට අමතන චිත්‍රපටකරුවන්ද, මාසික සඟරා මගින් ලෝක ධනවාදය හෙල්ලුම්කවන විප්ලවවාදීන්ද, එක්සත් ජාතින් විසින් ලංකාවේ යුක්තිය පසිඳලන තුරු බලා සිටින වාමාංශිකයන් ද මෙම චිත්‍රපටයට කළේ හැකිතරම් පහරදීමයි. අවඥාවට ලක් කිරීමයි.

සිංහල බෞද්ධ සංස්කෘතිය ලෝකෙටම තිබෙන බලවත්ම තර්ජනය ලෙස දකින කලා විහීනයන්ට නම් මෙවැනි තේමා රැගත් චිත්‍රපට ඇස්වල කහබිලියා ගෑමක් වුවත් අද සිනමා කර්මාන්තය රැකී ඇත්තේද මෙවන් චිත්‍රපට නිසා බව මතක් කරන්න කැමතියි. මෙරට තුන් හාර සීයක් සතුටු කරවන පඩියන්ගේ සිනමාව පමණක් තිබුණි නම් මිනිසුන් නොඑන සිනමා ශාලා බොහෝ ප්‍රමාණයක් මීට පෙරම වැසී ගිහින්. අද මෙවැනි තේමා රැගත් සිනමාපටවලට පහර දෙන්නේ ඒවායේ ඇති සිනමාත්මක දුබලතා නිසාම නොව බෞද්ධ සංස්කෘතිය එක්ක ඔවුන්ට ඇති පරවේණිගත රෝගයක් බදු වෛරය නිසා. ඒ තමයි ඇත්ත. එහෙත් රටේ ජනතාව ඊට පිළිතුරු දී ඇත්තේ ලක්ෂ 10 ක පිරිසක් මේ චිත්‍රපටය නරඹමින් මේ වර්ගයේම තවත් චිත්‍රපට දෙක තුනක් කරන්න ලක්ෂ 2000 ක අදායමක් උපයා දෙමින්.

රත්තනදෙණියේ මේධානන්ද හිමි

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 41279
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 90718
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 124767
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 235436
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 851533
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 17416141
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16758637
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13970295
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13912203
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13796899
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'