Logo

යහපාලන සූත්‍රයට තෙල් මිළ අද රාත්‍රියේ සිට තවත් ඉහලට



අද(10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාක්මක වන පරිදි මිල සූත්‍රය අනුව ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන රුපියල් දෙකකින් හා සූපර් ඩීසල් මිල රුපියලකින් වැඩි වී තිබේ.

අද මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මුදල් හා ජන මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව කියා සිටියේය.

ඒ අනුව මෙතෙක් රුපියල් 155 ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 157 දක්වා ඉහළ යන අතර 129 ක්ව පැවති  සූපර් ඩීසල් වර්ගයේ ඉන්ධන අද මධ්‍යම රාත්‍රියේ සිට 130 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය මාසයේ ඉන්ධන මිල සුත්‍රය හඳුන්වා දෙමින් සෑම මසකම 10 වන දින ඉන්ධන මිල සංශෝධනය වන බව රජය පැවසීය.

මැදපෙරදිග පවතින ඉන්ධන මිල ගණන් අනුව මෙම මිල සුත්‍රය ගණනය කර තිබේ.

කෙසේ වෙතත් සාමාන්‍ය ඩීසල් මිල ගණන් වෙනස් නොවෙන අතර, එය රුපියල් 118 ක් වෙයි.

ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන මිල ද වෙනස් වී නොමැති අතර, එය රුපියල් 145 ක් වෙයි.
 



දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 152673
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 248043
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 298266
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 465502
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 1329948
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19053078
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18257959
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 14443558
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14368618
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14262327
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'