Logo
2019 අගොස්තු මස 22 වැනි බ්‍රහස්පතින්දා

ක්‍රිකට් පිටියෙන් පකිස්ථානයේ අගමැති පුටුවට මාරුවුණු ඉම්රාන් ඛාන්



හිටපු ක්‍රිකට් තරුවක් වන ඉම්රාන් ඛාන් පකිස්ථානයේ මීළඟ අගමැති ධූරය සඳහා තේරී පත් වී තිබේ.

ඒ, අද එරට ජාතික රැස්වීමේදී සිදු වූ ඡන්දයකින් අනතුරුව ය.

පසුගිය ජූලි මාසයේදී පැවති මැතිවරණයේදී ඉම්රාන් ඛාන්ගේ පී.ටී.අයි. පක්ෂය බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට සමත් විය.

අනතුරුව ඔහු අගමැති ධූරය අත්කර ගැනීම සඳහා එරට කුඩා පක්ෂ සමග සන්ධානගත විණි.

ඉම්රාන් ඛාන් හෙට අගමැති ධූරයේ දිවුරුම් දීමට නියමිත අතර නව පකිස්ථානයක් නිර්මාණය කිරීම සඳහා ඔහු මැතිවරණයේදී පොරොන්දු විය.

1992 ක්‍රිකට් ලෝක කුසලානය පකිස්ථානයට ගෙන ඒම සඳහා ඉම්රාන් ඛාන් විශිෂ්ට නායකත්වයක් ලබා දුන්නේ ය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'