Logo

මාධ්‍යවේදියෙකු මරා මිනිය හෙලිකොප්ටරයෙන් මුහුදට විසිකරයි.. ප‍්‍රබලයෙකුට චෝදනා..



වසර තුනක් තිස්සේ ජනතාව වෙනුවෙක් කිසිවක් කරකියා ගත නොහැකි වූ යමපාලන ආණ්ඩුව තෙවර්ෂ පූර්ණය සමරන්නෙත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා‍ දේශපාලන වශයෙන් දඩයම් කරමින් බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරණය දිනෙන් දින ළංවත්ම මෛත්‍රී රනිල් දෙබෑයන්ට ‍මහින්ද රාජපක්ෂ නම ඇසුණත් කකුල් වෙව්ලන්නට පටන් ගෙන තිබෙන බව පැවසූ රණතුංග මහතා මොන දඩයම් කළත් තව වසරකින් මහින්ද ප්‍රමුඛ ජනතාවාදී ආණ්ඩුවක් බිහිවීම වැළක්වීමට නොහැකි බවත් අවධාරණය කළේය.

ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ප්‍රකාශ කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලන දඩයමක් කරගැනීමට විරෝධය පාමින් මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල ඉදිරිපිට දී ඊයේ (17) පැවැත් වූ උද්ඝෝෂණයකට සහභාගී වෙමිනි. මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් අද රහස් පොලීසිය ප්‍රකාශයක් සටහන් කරගත්තා. ඒ කීත් නොයාර් පැහැරගෙන යාම සම්බන්ධයෙන්. මේක සම්පූර්ණයෙන්ම දේශපාලන පලිගැනීමක්. මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටේ මාධ්‍යවේදීන්ගේ මිතුරෙක් මිසක් හතුරෙක් නෙමෙයි. ඒක මේ රටේ ඕනෙම කෙනෙක් අවිවාදයෙන් පිළිගන්න කාරණයක්.

එතකොට ඕනෙම කෙනෙකුට ප්‍රශ්නයක් මතු වෙනවා මොකක්ද එහෙනම් මේ ප්‍රශ්න කිරීම පසුපස තියෙන කාරණය කියලා. අපි පැහැදිලිව කියනවා අද ආණ්ඩුව හීන වෙමින් තියෙන ජනප්‍රසාදය දිනා ගන්න හදන්නේ මේ වගේ බාල වැඩවලින් කියලා. යහපාලන ආණ්ඩුවට අවුරුදු තුනක් පිරෙන එක සමරන්න හදන්නේ මහින්ද රාජපක්ෂ රහස් පොලීසියෙන් ප්‍රශ්න කරවලයි.

 

අද තියෙන්නේ දේශපාලනීකරණය වෙච්ච පොලීසියක්. පොලිස්පතිවරයා ආණ්ඩුවට ඕනේ විදියට නීතිය නමනවා. රහස් පොලීසිය දේශපාලන න්‍යාය පත්‍රයකට අනුවයි වැඩ කරන්නේ. මහින්ද මහත්තයාගේ කිසිම සම්බන්ධයක් නැති දෙයක් ගැන රහස් පොලීසිය ප්‍රකාශයක් සටහන් කරගන්නේ ඒකයි. මේක දේශපාලන මඩ ගැසීමට නීතිය අවභාවිත කිරීමක් කියලා අපි පැහැදිලිව කියනවා.

අද ආණ්ඩුව පෙනී ඉන්නේ මාධ්‍ය නිදහසේ පරම අයිතිකාරයෝ වගේ. හැබැයි එක්නැලිගොඩ, ලසන්ත, කීත් නොයාර් සහ උපාලි තෙන්නකෝන් සිද්ධි පසුපස ඉන්නෙත් මේ ආණ්ඩුවේම ප්‍රබල ඇමැතිවරුන් දෙන්නෙක් කියන එක රටට රහසක් නෙමෙයි. එදා රනිල් වික්‍රමසිංහ මහත්තයම පාර්ලිමේන්තුවේ දී කිව්වා ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ කවුද කියලා.

අපි කැමැතියි මාධ්‍ය නිදහස ගැන කිඹුල් කඳුලු හෙලන යහපාලන ආණ්ඩුවේ අය අතීතයේ දී කරපු දේවල් ටිකක් මතක් කරලා දෙන්න. රිචඩ් ද සොයිසා කියන ප්‍රවීණතම මාධ්‍යවේදියා නිවසේ ඉන්කොට පැහැරගෙන ගිහින් ඝාතනය කළේ 1990 පෙබරවාරි මාසේ 18 වෙනිදා.ඒ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලේ. රිචඩ් ද සොයිසා ඝාතනය කරලා මිනිය හෙලිකොප්ටරයෙන් මුහුදට විසි කළා.මේ ඝාතනය අදටත් අභිරහසක්.

විකල්ප පුවත්පත් කලාවක නියැළුණ සටන කර්තෘ රෝහණ කුමාර ඝාතනය කළේ 1999 සැප්තැම්බර් මාසේ 07 වෙනිදා. රෝහණ තමන්ගේ සටන පත්තරෙන් එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය දැඩිව විවේචනය කරපු බව රහසක් නෙමෙයි. හැබැයි මේ ඝාතනයට අද වෙනකම් කිසිම කෙනෙක් දඬුවම් විඳලා නැහැ.

 

ඊළඟට සාගරිකා ගෝමස් ඝාතනය කළා. තේවිස් ගුරුගේ මහත්තයා කියන්නේ ස්වාධීන රූපවාහිනී සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක්. එතුමා ඝාතනය කළා. ප්‍රවීණ කාටුන් ශිල්පී ජෙෆ්රි යුනුස්ගේ කටට දැලි පිහිය තියලා තර්ජනය කළා. කොළඹ කොටුවේ මාධ්‍යවේදීන් කරපු උද්ඝෝෂණයට එදා ප්‍රේමදාස ආණ්ඩුව පහර දුන්නේ පාතාල මැරයෝ යොදවලයි.

ඒ වගේම කොළඹ මීගමු පාරේ රිය අනතුරකින් මිය ගියා කිව්ව ඡායාරූප ශිල්පියාගේ හෙල්මට් එක හම්බ වුණේ අදටත් මේ ආණ්ඩුවේ ඉන්න ප්‍රබල ඇමැති කෙනෙක්ගේ ගෙදර තිබිලයි. අදටත් ඒ ඝාතනය අභිරහසක්. මේ වගේ දීර්ඝ ලයිස්තුවක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අද මාධ්‍ය නිදහස ගැන කතා කරන්නේ මේ බිහිසුණු අතීතය අමතක කරලයි.

මාධ්‍ය නිදහස තියා මාධ්‍ය කියන වචනය කියන්නවත් රනිල් වික්‍රමසිංහලට කිසිම අයිතියක් නැහැ. මෛත්‍රිපාල ජනාධිපතිවරයා සෞඛ්‍ය ඇමැති වෙලා ඉන්න කාලේ ලේක්හවුස් එකේ පත්තරවල කර්තෘවරුන්ට තර්ජනය කරලා ප්‍රවෘත්ති පළ කරවා ගත්තු හැටි මහින්ද අබේසුන්දර මහත්තයා ජීවතුන් අතර හිටියා නම් අපූරුවට කියලා දෙයි.

– ප‍්‍රදීප් අනුර කුමාර

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 9962
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 39192
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 66843
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 146073
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 593150
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 16362462
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16284493
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13675126
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13616985
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13504874
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'